රුසියාවෙන් ආව ආදරවන්තයින් හික්කඩුව වෙරළේදී හෙළ සිරිතට යුග දිවියට පා තබයි

foreign-couple-wedding-celebration-in-hikkaduwa-beachවිදේශීය ජාතික යුවළක් අපේ චාරිත්‍රවලට අනුව අතිනත ගැනීමේ උත්සයක් හික්කඩුව වෙරළ තීරයේදී පැවැත්වුණා. හෙළ සිරිතට අනුව විවාහ දිවියට පා තැබූ මේ දෙන්නා රුසියානු ජාතික යුවළක්.

ශර්ජි සහ ඔල්ගා නමැති මේ දෙන්නා රුසියාවේ තුරඟ පුහුණු පාසලක සේවය කරන දෙන්නෙක්.

චාරිත්‍රානුකූලව පෝරුවේ චාරිත්‍ර ඉටුකරලා අතපැන් වත්කරමින් සිංහල අපේ හෙළ සිරිතටම අනුව මේ දෙන්නා යුග දිවියට එළැබීම විශේෂ අවස්ථාවක් වුණා.

හස්තියෙකුගේ පිටින් මංගල පෙරහැරකින් ආව මනාලයා විවාහයෙන් පසුව සිය මංගල ගමන එන්න උපකාරී වූ ඇතාට පුද සත්කාර කරන්නත් අමතක කළේ නැහැ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button