ගණිතය ෆේල් ළමයි 86% සමත් කළ ගුරුතුමාගේ සංවේදී කතාව

Amazing Gossip story about SriLankan Maths Teacherසාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් සියයට 45 ක් ගණිතය විෂය අසමත් බව විභාග දෙපාර්තමේන්තුව ඉකුත්දා නිකුත් කළ වාර්තාවකින් අනාවරණ වුණා.

ගණිතය විෂය අසමත්වීමෙන් බොහෝ දෙනෙකුට අධ්‍යාපනයේ ඉහළට යාමට ඇති අවකාශයන් සීමා වනවා. එලෙස ගණිතය විෂය ජීවිතයේ ඉරණම විසදන කඩඉමක් වූ සිසුන් පිරිසකට පිහිටවූ මෙම ගුරුවරයා මාතර මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ භෞතික විද්‍යා ගුරුවරයා වන ජී කේ ධර්මදාස මහතායි.

ගණිතය අසමත්ව ඊළඟට පැවැත්වෙන විභාගයෙන් ගණිතය සමත්වීමේ පොරොන්දුව මත තම පාසලේ උසස් පෙළ හදාරණ සිසු සිසුවියන් 15 දෙනෙකුට, ධර්මදාස මහතා තම නිදහස් කාලච්ඡේදයන්හිදී ගණිතය ඉගැන්වීම කර තිබෙනවා. සතියකට කාලච්ඡේද 10ක් ඒ ආකාරයෙන් රාජකාරියෙන් පරිබාහිර කටයුත්තක් ලෙස තම මෙහෙය ඉටු කළ ධර්මදාස මහතා, එම සිසුන් 15 දෙනාගෙන් සිසුන් 13 දෙනෙකු ගණිතය විෂයයෙන් සමත් කරවීමට සමත් වනවා. ඉන් එක් සිසුවියකට A සාමාර්ථයක් ලැබී ඇති අතර, තවත් සිසුන් 4 දෙනෙකුට C සාමාර්ථ හිමිව තිබෙනවා.

එය ප්‍ර‍තිශතයක් ලෙස ගතහොත් 86% වඩා ඉහළ අගයක් ගන්නවා. රටේ සමස්ථ සිසුන්ගෙන් 55%ක් පමණක් ගණිතය සමත් වෙද්දී පෙර වසරේ ගණිතය අසමත් සිසුසිසුවියන් පිරිසකගෙන් මෙපමණ පිරිසක් සමත් කරවීම තමන් ලැබූ භාග්‍යයක් බවයි ධර්මදාස මහතා පවසන්නේ.

තමන්ගෙන් ඉගෙන ගන්නා දරුවන් යම් දිනක තමාට වඩා උසස් තැනක සිටිනු දකිනු තම අපේක්ෂාව බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button