පළකල දිනය : Fri, Apr 1st, 2016

ජිනීවා ගිය ගම්මන්පිලගේ බන්දුලගේ ඇඳුම් බෑග් මිසින්

Gammanpila & Bandula On Bag Trouble in Geneva (3)ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර අන්තර් පාර්ලිමේන්තු සංගම් ප්‍රධාන කාර්යාලය වෙත ගොස් එෆ්සීඅයිඩීයට විරුද්ධව පැමිණිල්ලක් භාරදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මංපිල, බන්දුල ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම පසුගියදා ගුවන් යානා තුනකින් වෙන වෙනම පිටත්ව ගොස් තිබුණා.

ගුවන් යානයක යන මගීන් කුඩා අත්බෑගය තමන් අසළ රඳවාගන්නා අතර විශාල ඇඳුම් බෑග යානයට වෙනම යොමුකර ගොඩබසින අවස්ථාවේ එය ලබාගැනීම සාමාන්‍ය සිරිතයි.

ගම්මංපිල මුලින්ම ජිනීවා නුවරින් බැසගත් පසුව තමන්ගේ ගමන් බෑගය ලැඛෙන තුරු ගුවන් තොටුපළේ අදාළ ස්ථානයේ රැඳී සිටියත් අන් අය සියල්ලන් තමතමන්ගේ බෑග් රැගෙන ගොස් සියල්ල අවසන්ව ගියත් ගම්මංපිලගේ පමණක් බෑගය පැමිණ තිබුනේ නැත.
මේ නිසා විස්සෝපයට පත් ඔහු තමන්ට හෝටලයට යාමට පෙර ගමන් මල්ල අවශ්‍ය බවත් එය ලැබුනේ නැත්තේ ඇයිදැයි කියා සොයන ලෙසත් ජිනීවා ගුවන් තොටුපළ නිලධාරීන්ගෙන් විමසා ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ කටුනායකදී ගම්මංපිලගේ ගමන් මල්ල ගුවන් යානයට දමන්නට අමතකව ගොස් ඇති බවයි. කෙසේ වෙතත් අවශ්‍ය ලිපි ලේඛන හා ඇඳුම් කිහිපයක් තමන්ගේ අත්බෑගයේ තිබුණ නිසා ගම්මංපිල හිතහදාගෙන හෝටලයට ගිය බව වාර්තා වුණා.

මෙහි දෙවන සිදුවීම එයින් පැය කිහිපයකට පසු ජිනීවා වෙත ගොඩබැස්ස බන්දුල ගුණවර්ධනට සිදුව තිඛෙනවා. ඔහුද ගමන් මල්ල ලැඛෙනතුරු ගුවන් තොටේ අදාළ ස්ථානයේ සිටියත් එය අතුරුදන්ව ඇති බව දැනගන්නට ලැබී තරු විසිව ඇත. ඒ ඔහුගේ දත් බුරුසුවේ සිට යට ඇඳුම දක්වා සියල්ල එම ගමන් බෑගයේ තිබුණ බැවිනි.

බන්දුලගේ අත්බෑගයේ තිබී ඇත්තේ පාස්පෝට්, ගුවන් ටිකට්පත් හා තවත් සුළු ලියවිලි කිහිපයක් පමණි. ඔහුගේ ගමන් බෑගයද කටුනායකදී යානයට දමා නැතිවූ බව දන්වා තිබුණ අතර ඔහු ජිනීවාහි මාර්කට්ටුවකට ගොඩවැදී මූලිකව අවශ්‍ය කරන ද්‍රව්‍ය හා ඇඳුම් කිහිපයක් මිලටගෙන හෝටලයට ගිය බව වාර්තා වුණා.

තෙවැනිව ජිනීවා ගිය ඩලස්ගේ ගමන් බෑගය නම් නිරුපද්‍රිතව හමු විය.

පසුවදා තරමක අමුතු ඇඳුම් වලින් සැරසී ජිනීවාහි අන්තර් පාර්ලිමේන්තු සංගම් ප්‍රධාන කාර්යාලය වෙත ඔවුන් ගමන් කළ බවද වාර්තා වුණා. ගම්මංපිල ගුවන් යානයේ එන්නට ඇඳගත් ජාතික ඇඳුමම නැවත ඇඳගෙන ඊට උඩින් එරටදී මිලට ගත් කොට් බෑයකින් සැරසී සිටියා.

Gammanpila & Bandula On Bag Trouble in Geneva (2)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button