කොදෙව්වන් සතුටට ගයන ”චැම්පියන්” ඇත්ත ගීය බ්‍රාවෝගේ

Gossip Story About DJ Bravo Sings His Song Championමේ දිනවල වැඩි දෙනෙකුගේ කථාබහට ලක්ව තිඛෙන විස්සයි 20 ලෝක කුසලානය පුරා බටහිර කොදෙව්වන්ගේ අංග චලන හා ගීත රැව්පිළිරැව්දී තිබේ.

ක්‍රිස් ගේල් මෙන්ම කොදෙව් පිලේ අනෙක් සාමාජිකයින් සතුටක් ලද විට මෙවර අලූත් විලාසිතාවකට අත් දිගහරිමින් අකුළමින් සිනාසීමත් සියල්ලන් චැම්පියන් නමින් ගීතයක් ගායනා කිරීමත් දක්නට ලැබේ.

මෙම ගීතයේ තතු සොයා යාමේදී එහි ගායකයා අන් කිසිවෙකු නොව කොදෙව් කණ්ඩායමේ ඩ්වේන් බ්‍රාවෝ බව සොයාගන්නට ලැබේ

ඩීෙජ් බ්‍රාවෝ චැම්පියන් යනුවෙන් නම් කර වෙගා එන්ටර්ටේන්ට්මන්ට් වෙනුවෙන් ඔහු එම ගීතය ගායනා කර පසුගිය මාර්තු මාසයේ එළිදක්වා ඇත
එම ගීතය ගායනා කරද්දී චැම්පියන්ලාගේ නම් ලැයිස්තුවක් ඔහු නම් කරන අතර ඔබාමා මැන්ඩෙලා සෙරීනා ආදී වශයෙන් කියන ඒ ලැයිස්තුවේ ක්‍රිස් ගේල්ද චැම්පියන් කෙනෙකු ලෙස ඔහු කියයි.එම ගීතය එම කණ්ඩායමට විශේෂ වන්නේද එහෙයිනි.

පසුගියදා ඉන්දියාව පරදා ඔවුන් ජයගත් පසු හෝටලයට යද්දී ස්පීකර් අතේ තියාගෙන එම ගීතයේ පද බ්‍රාවෝ ඇතුළු පිරිස ගායනා කරමින් ගමන් කර තිබුණා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button