කෝලි එක්ක විවාහ වෙන්න කැමති කවීෂා

Kavisha Kavindi Love Virat Kohliකවීෂා කාවින්දි ප්‍රකට සිනමා හා ටෙලි නිළි ඩිලානි අබේවර්ධනගේ දියණියයි. විවාහ වෙන්න කැමති කෙනෙක් තෝරාගැනීම ගැන ඇයගෙන් විමසිමේදී පසුගියදා ප්‍රකාශ කර තිඛෙන්නේ තම කැමැත්ත කෝලිට බවයි.

ඔබ පෙම්වතෙක් තෝර ගන්නවා නම් ඔහුට තිබිය යුතු ගතිගුණ මොනවද?

කලාකරුවෙකුට මම කැමති නැහැ. අපි දෙන්නට දෙන්නා ගොඩක් තේරුම් ගත්ත කෙනෙක් වෙන්න ඕනා. එයා හැම වෙලාවේම මාව හිනාගස්සන්න පුළුවන් කෙනෙක් වෙන්නත් ඕනා. තව එකක් මම රංගන ශිල්පිනියක්, ගායිකාවක් විදිහට ඉදිරියේදී පූර්ණ කාලීනව එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒ වැඩවලටත් සහාය දක්වන කෙනෙක් වෙන්න ඕනා මගේ පෙම්වතා.

ඉන්දියාවේ විරාත් කෝලි, ඔස්ටේ‍රලියාවේ ග්ලෙන් මැක්ස්වෙල්, නවසීලන්තයේ කුරේ ඇන්ඩර්සන් ඔබේ කැමැත්ත විමසනවා ආදර සම්බන්ධයකට?

විරාත් කෝලිට කැමැත්ත දෙනවා. ඇත්තටම, ඔහු හොඳ කඩවසම් ක්‍රීඩකයෙක්. පසුගිය කාලේම ඔහු ඉන්දියාවේ විතරක් නෙවෙයි ලෝකයේම අවධානය දිනාගත්තා. ඔහු වගේ කෙනෙකුට ආදරය කරන ලැඛෙනවා කියන්නෙත් හීනයක්.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button