අක්කගේ දොල සිඳවන්න මව සහ දියණිය මැරූ සැකකරුගේ පාපොච්ඡාරණය

gossipමහියංගනය අරාවත්ත ප්‍රදේශයේ මවක හා කුඩා දියණියක නිදි යහනේදීම ඝාතනය කළ සැකකරුවා එම ඝාතන සම්බන්ධයෙන් පොලිසිය හමුවේ කරුණු හෙළිකර තිබෙනවා.
චන්ද්‍රා කුමාරි නම් වන තරුණ මවක් හා හිමාශා කාවින්දි නම් වන වයස අවුරුදු 06ක කුඩා දියණියක් ඔහු විසින් මරා දමනු ලැබුවේ 2014 වසරේ දෙසැම්බර් මස 18 දින රාත්‍රියේදීයි.

මෙම සැකකරුවා අත්අඩංගුවට පත්වූවේ ඝාතන සිදු කර වසර එකහමාරකට පසුවයි.

මෙම සැකකරු ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා විසින් අනියම් ඇසුරක් පැවැත්වූ කාන්තාවකගේ සොහොයුරා බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු පොලිසියට කළ ප්‍රකාශය පහතින් දැක්වෙනවා.

zzමම ගොඩක් අපේ අක්කාට ආදරෙයි. අපේ අක්කා ඔය මම මැරුව කාන්තාවගේ සැමියා එක්ක සම්බන්ධයක් පටන් ගත්තා. ඒකට අපේ ගෙවල් දෙක අතරෙ නිතරම රන්ඩු සරුවල් ඇති වුණා. ඔය මම මැරුව ගෑණු කෙනා දුරකථනයෙන් අපේ අක්කාට කතා කරලා බනිනවා, අපේ අම්මට බනිනවා. මට ඒවා ඉවසන්න බැරුවයි හිටියේ. අපේ අක්කාගේ සම්බන්ධයට මම කැමැත්තෙන් හිටියේ. මොකද එයාලා සතුටින් හිටපු හින්දා.

එදා 18 උදේ මම 51 කණුවේ කොහු මෝලට වැඩට ගියා. හැන්දෑවේ වැඩ ඇරිලා 5ට විතර ගෙදර එන කොට මාමා කෙනෙක් දුරකථනයෙන් කථාකරලා අද හවස සෙට් වෙමුද කියලා මගෙන් ඇහුවා. මගේ ගාව සල්ලා නෑ කියලා මම කිව්වා. පස්සේ මට මාමා සල්ලි දුන්නා බෝතලයක් ගේන්න.

මාමයි මායි ගෙදර යන ගමන් ත්‍රීවිල් එකේ තියාගෙනම අමුවෙන්ම බෝතලේ කඩාගෙන පොඩ්ඩක් බිව්වා . ඉන් පස්සේ අපේ අයියලාගේ ගෙදර ගියා ඉතුරු ටික බොන්න. බිබී ඉන්න ගමන් අපේ අක්කාගේ සම්බන්ධයට ගෙදරින් කැමති නැතුව වෙන රණ්ඩු ගැන කතා වුණා.

බීලා ඉවර වෙලා මම ගෙදර ගියා. මම ත්‍රීවිල් එක මිදුලේ දාලා චන්ද්‍රා අක්කලාගේ ගෙදර පැත්තට ගියා. ගෙදර යනකොට වෙනදා බුරන බල්ලා බිරුවෙත් නෑ. එයාගේ මහත්තයා ගෙදර හිටියේ නෑ. එයා වැඩ කරන්නේ කොළඹ.

මම කලුවරේම චන්ද්‍රා අක්කාගේ ගේ පැත්තට ගියා. කුස්සිය වෙනම එළියේ තියෙන්නේ. කුස්සියේ දොර තල්ලු කළාම ඒක ඇරුනා. මම ෆෝන් එකේ ටෝච් එක ගහලා ආයුධයක් හෙව්වා. මන්නයක් වගේ දිග පිහියක් අතට හම්බ වුණා.

ඒක අරගෙන ගෙට කුස්සිය පැත්තෙන් ඇතුල් වෙන්න බැලුවා. මම එළියේ තිබුන ප්ලාස්ටික් පුටුවක් ගෙනත් දොරලඟ තියලා වහලේ පොල්ලක එල්ලිලා ගෙදරට ඇතුලු වුණා.

චන්ද්‍රා අක්කා නිදාගෙන හිටපු කාමරයට හිමිහිට එබිකම් කරලා බැලුවා. එතකොටම චන්ද්‍රා අක්කා කැස්සා. එයා නෙට් එක උස්සගෙන එළියට එන්න ලෑස්ති වුනා.මාව දැක්කාද දන්නේ නෑ කියලා හිතලා පැනපු ගමන් මන්නෙන් බෙල්ල පැත්තට කෙටුවා.

චන්ද්‍රා අක්කා කෑ ගැහුවා. නෙට් එක ඇතුලට අත දාල මම චන්ද්‍රා අක්කාගේ කට වහන ගමන් තවත් පාරවල් 2-3ක් කොටාගෙන කොටා ගෙන ගියා. එතකොටම පොඩි දුව ඇහැරිලා අම්මී … අම්මී කියලා කෑ ගැහුවා. මාව අදුර ගනියි කියලා හිතලා දරුවාටත් කෙටුවා.

කුස්සිය පැත්තේ දොරේ සොයිබෙ ඇරගෙන මම එළියට ගියා. ඇඟ පුරාම ලේ ගෑවිලා. මම යන්න හදනකොට මතක් උනා බිත්තිය උඩින් පනින්න ගත්ත ප්ලාස්ටික් පුටුව තිබ්බ තැනින් තියන්න ඕන කියලා. ඒක තිබ්බ තැනින් තියලා කොන්ක්‍රිට් පාර පැනලා වැව පැත්තට දිව්වා.

කුඹුරු යාය දිගේ වැව පැත්තට ගිහින් කරවටක් ගැඹුරට වැවේ බැහැලා ඇඳුම්වල ගෑවිලා තිබුණ ලේ හෝද ගත්තා. වැවේ ගඩොල් කපන මඩ වලක පිහිය හැංගුවා.Mother and daughter murdered in Mahiyanganaya (1)

Mother and daughter murdered in Mahiyanganaya (2)

Mother and daughter murdered in Mahiyanganaya (3)

Mother and daughter murdered in Mahiyanganaya (4)

Mother and daughter murdered in Mahiyanganaya (5)

Mother and daughter murdered in Mahiyanganaya (6)

Mother and daughter murdered in Mahiyanganaya (7)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button