පළකල දිනය : Fri, Apr 8th, 2016

අන්තර්ජාලයේ පැතිර‍ෙන අසත්‍ය පුවත ගැන මිලින්ද සිරිවර්ධන කතා කරයි

milinda siriwardana speaksජනාධිපතිවරයාගේ දියණියක වන චතුරිකා සිරිසේන මහත්මිය සහ තමන් සම්බන්ධයෙන් ඇතැමුන් වෙබ් අඩවි සහ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ගෙන යන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මිලින්ද සිරිවර්ධන පවසනවා.

මෙවැනි අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රචාර සඳහා තමන්ගේ නම සම්බන්ධ කළේ ඇයිද යන්න තමන්ට සිතාගත නොහැකි බවයි ඔහු නෙත් ගුවන් විදුලියට සඳහන් කළේ.

තමන් චතුරිකා සිරිසේන මහත්මියව පුද්ගලිකව නොහඳුනන බව වැඩිදුරටත් කියා සිටි ඔහු, පටු දේශපාලන වාසි සඳහා කරන මෙවැනි කටයුතුවලින් තම ක්‍රීඩා ජීවිතය සහ පුද්ගලික ජීවිතය අඳුරු නොකරන ලෙස ඉල්ලීමක් ද කළා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button