දෙපා වාරු නැති අම්මවයි ආච්චිවයි ජීවත් කරවන පුතා කියන කතාව

Sad Story Of a Boy Takes Care of His Disabled Motherඔත්පලව රෝද පුටුවට වී කල්ගෙවන තම මවත් මිත්ත‚යත් රැකබලා ගනිමින් ඔවුන්ට ආහාර උයා කවා ‍පොවා සිය ඉගෙනීම් කටයුතුද අතපසු නොකර සිදුකරනා 13 හැවිරිදි සිසුවකු පිළිබඳව අපට වදුරඹ පන්විල ප්‍රදේශයෙන් වාර්තා විය.

ඒ පුංචි පුතා සොයා අප ඔහුගේ නිවසට ගියෙමු. ඒ නිවස තරමක් පැර‚ය.

කුඩා වුවත් මේ නිවසේ ජීවත්වන මේ පුංචි පුතාටත්, මවත් මිත්ත‚යටත් මේ නිවස ප්‍රමාණවත්ය. ඒත් අගහිඟකම්වලින් නම් අඩුවක් නැති බව එහි ගිය අපට වැටහි‚.

මේ පුංචි පුතා නමින් කේ.ජී. මොදුල් යසිඳු (13) වදුරඹ මධ්‍ය මහා විද්‍යාලයේ අට ශේ‚යේ ඉගෙන ගන්නා මොදුල් ඉගෙනීමටත් ගොඩක් දක්ෂයි. ඔහු අප හා මෙලෙස පිළිසඳරට එක්විය.

මගේ අම්මා රම්‍යා එල්. ගොඩකන්ද (36) අම්මගේ පිටකොන්දේ ‍ලේ ගෙඩියක් ඇවිත් පසුගිය 2003 අවුරුද්දේ සැත්කමක් කරලා තියෙනවා. ඒකෙන් පස්සේ මගේ අම්මට ඇවිදින්න බැරිවෙලා. එයාගේ ඉණෙන් පල්ලෙහා පණ නැහැ. ආච්චිත් ගොඩක් දුර්වලයි. එයාටත් ඇවිදින්න බැහැ. ඉතින් මේ දෙන්නවම බලාගන්නේ මම.

මම උදෙන්ම නැගිටිනවා. නැගිටලා දවල්ටත් එක්කම බතක් උයනවා. තව මොනව හරි එළවළු තුනක් හදනවා. අම්මා රෝද පුටුවෙන් කුස්සියට ඇවිත් මට උදව් කරනවා. එහෙම කරල මම අම්මටයි ආච්චිටයි බත් කවලා මමත් කනවා. එහෙම කරල තමයි මම ඉස්කෝ‍ලේ යන්නේ.

සමහර දවස්වලට අම්මාගේ රෝගී තත්ත්වය දරුණුවෙනවා. එහෙම දවස්වලට මට ඉස්කෝ‍ලේ යන්න වෙන්නෙ නැහැ. ඒ දෙන්නට සාත්තු කරන්න ඕන නිසා ගෙදර නවතිනවා.

මම ඉගෙනගන්න ගොඩක් ආසයි. මම කවදාහරි දවසක හොඳට ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරල මගේ අම්මටයි ආච්චිටයි හොඳට සලකනවා. මට ඉගෙනගන්න උදව් කරන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා.

මේ පවුලට මාසිකව ආදායම් ලැඛෙන මාර්ග නැහැ. මෙම පුතාගේ මව අසනීප වුණහාම ස්වාමි පුරුෂයා මැය හැරගොස්ය. ඔහුගෙන් මාසිකව ලැඛෙන නඩත්තු දීමනාව හා රජයෙන් ලබාදෙන ජීවනාධාර හා සමෘද්ධි ආධාර මත මොවුන් යන්තමට දිවි ගැටගසාගනිති.

මෙම පවුල විඳින අසරණ තත්ත්වය තේරුම්ගත් බද්දේගම ප්‍රාදේශීය ‍ලේකම්තුමිය හා එහි නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් පලතුරු විකිණිම සඳහා කුඩා වෙළෙඳසලක් නිවසට යාබද කාමරයේ සකසා දී ඇත.

එහෙත් ඒ ලැඛෙන මුදල් මේ දරුවාගේ අධ්‍යාපන කටයුතුවල හෝ පවු‍ලේ ජීවත්වීමට කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ.

මෙම අසරණ පවුල සඳහා උපකාර කිරීමට හැකි පුද්ගලයින් වෙතොත් වදුරඹ මහජන බැංකු ශාඛාවේ ගිණුම් අංක 3252002 20004994 නමැති දරුවාගේ මව වන රම්‍යා එල්. ගොඩකන්ද මහත්මියගේ ගිණුමට මුදල් එවිය හැකි අතර දුරකථන අංක 0771980583 කථාකිරීමෙන් මොවුන් පිළිබඳ වැඩිදුර විස්තර දැනගත හැකිය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button