පළකල දිනය : Tue, Apr 12th, 2016

ජනප්‍රිය නළුවා අතුරුදන් තවම කිසිදු තොරතුරක් නැහැ

popular sri lankan actor upali keerthisena missingවේදිකාව, සිනමාව සහ පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන උපාලි කීර්තිසේන පෙබරවාරි 03යින් පසුව අතුරුදන්ව ඇති බව පවුලේ ඥාතීන් පවසනවා.

දානයක් දීම සඳහා යහළුවන් පිරිසක් සමග අනුරාධපුරයේ යන බව පෙබරවාරි 03දා පැවසූ බවයි ඔහුගේ මව පවසන්නේ.

සතියක් පමණ ගතවූ පසුත් දුරකතන ඇමතුමක්වත් නොදුන් බැවින් උපාලිගේ දුරකතනයට ඇමතුවද දුරකතනය ක්‍රියාත්මක නොවූ බවයි සොයුරිය පවසන්නේ. පසුව අනුරාධපුරයේ ගිය මිතුරකුගෙන් ඔහු පිළීබඳ විමසූ විට, අනුරාධපුරයේ සිට පැමිණි උපාලි තවත් මිතුරු පිරිසක් සමග ශ්‍රීපාදයේ ගිය බවයි පවසා ඇත්තේ.

මේ සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිල්ලක්ද කළ බවයි සොයුරියක පවසන්නේ.

ශ්‍රීපාදයේ ගිය බව පැවසූ තැනැත්තා පවසා ඇත්තේ තමා සමග ශ්‍රිපාදයේ යන බව පැවසුවද උපාලි නිවස වෙත ආ බවයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button