පළකල දිනය : Tue, Apr 12th, 2016

රාවණා නැඟිට්ටවන මෙහෙයුමට ඇමැති කෙනකුත්

Ravana Rise Journey Gossip Storyතම දිස්ත්‍රික්කයේ පිහිටි රාවණා ගුහාවේ සිහිමූර්ඡා වී සිටින රාවණා රජුන් නැඟිට්ට වීමට සූදානම් බව කියන පිරිසට අවශ්‍ය සහයෝගය හා ඉදිරි සොයාබැලීම් සඳහා පහසුකම් ලබාදීමට කටයුතු කරනවා යැයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හා රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මහතා පැවැසීය.

ඒ මහතා එසේ පැවැසුවේ ඊයේ මව්බිම පුවත්පතේ රාවණාගේ දඬුමොනරය ගැන කියන අලුත්ම කතාව පිළිබඳ පළවූ විශේෂාංගයෙන් අනතුරුවය.

එම ලියුම්කරුට අමාත්‍යාවරයා කතා කරමින් පවසා සිටියේ තම ප්‍රදේශයේ පිහිටි මේ ස්ථානය සම්බන්ධයෙන් තම අමාත්‍යාංශය හරහා සොයා බැලීමට සහයෝගය ලබා දෙන බවත් ආරක්‍ෂාව හෝ වෙනත් අවශ්‍යතා ඇත්නම් උදවුකළ හැකි බවත්ය.

මේ සඳහා සහයෝගය ලබා දෙන්නේ හුදෙක් ප්‍රසිද්ධියක් හෝ ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙන් නොවෙන බවත් අමාත්‍යාවරයා පැවැසීය.

අනතුරුව අමාත්‍යවරයා මෙත්තානන්ද නම් තරුණයා සමඟද දුරකතනයෙන් කතාබස් කර අවශ්‍ය සහයෝගය පිළිබඳ විමසා ඇති අතර තමාද එම ගමනට එක්වන බව පවසා තිබේ. සහාය අවශ්‍ය දිනය හා වේලාව පමණක් තමාට දන්වන ලෙස වැඩිදුරටත් කියා තිබේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button