පළකල දිනය : Tue, Apr 12th, 2016

සිංහල අලුත් අවුරුද්දට වයිබර් වලින් ස්ටිකර්

ViberPostලෝකයේ ප්‍රධාන පෙළේ කෙටි පණිවිඩ හුවමාරු ඇප් එකක් වන “වයිබර්” එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් ස්ටිකර් (stickers) පෙළක් හදුන්වාදී තිබෙනවා.

එම සමාගම පවසන්නේ ස්ටිකර් (stickers) කාණ්ඩ 40 පමණ මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් හඳුන්වාදී ඇති බවයි. එම ස්ටිකර (stickers) වල වටිනාකම රුපියල් 10.000ක් පමණ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

වයිබර් සමාගම පවසන්නේ අප්‍රේල් මස 07 වනදා සිට එම ස්ටිකර් (stickers) පෙළ නොමිලේ භාවිතා කිරීමට මෙරට පාරිභෝකිකයන්ට අවස්ථාව ලබා දී ඇති බවයි.

ලොව පුරා  මිලියන 711 පමණ ජංගම දුරකථන ඔස්සේ කෙටි පණිවිඩ සහ ඇමතුම් ලබාගැනීමට වයිබර්  තාක්ෂණය භාවිතා කරනවා.

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button