අංගොඩ ප්‍රදේශයෙන් ”චුපකබ්රා” නම් අබිරහස් සතෙකු හමුවෙයි

Chupakabra found in Sri Lankaදුර්වල තත්ත්වයේ සිටි හඳුණා නොගත් සත්ත්වයෙකු පිළිබඳ අංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.

අංගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක වැටී සිටිය දී හමු වී ඇති මෙම සත්ත්වයා සුනඛයන්ගේ ප්‍රහාරයට ද ලක්ව ඇති බව යි වාර්තා වන්නේ.

සුනඛයෙකුගේ හැඩයට සමාන නමුත් මෙම සත්ත්වයාට විශාල කන් දෙකක් සහ දිගු වලිගයක් තිබීම විශේෂයි.

මේ පිළිබඳව සමාජ ජාල තුල ද කතා බහට ලක්වන්නට පටන්ගෙන ඇති අතර බටහිර චිත්‍රපට ටෙලිනාට්‍ය ආදියෙහි හමුවන ”චුපකබ්රා” නමැති මන:කල්පිත සත්වයා මෙම සත්ත්වයාට සමාන බවයි ඇතැමුන් පවසන්නේ.

එමෙන්ම මෙම සත්වයා වෙනත් මානයක හෝ වෙනත් ලෝකයක සිට පැමිණි බවටත් ඇතැමුන් අදහස් දක්වා තිබීම විශේෂයි.

වීඩියෝව පහතින්….

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button