පළකල දිනය : Sat, Apr 16th, 2016

ජනප්‍රිය පාසලක විදුහල්පතිගේ රෙදි ගැලවුන කතාව මෙන්න

school teacherඅද අප ඔබට කියන්නට යන්නේ ගුරුවරුන් දෙදෙනකුගේ නොහොබිනා කම් හේතුවෙන් විනාශ වූ ජීවිත කිහිපයක් ගැනය. මෙතැන් සිට දිග හැරෙන්නේ එම කතාවයි.

ගුරු වෘත්තියට පෙම් බැඳි තරු‚යක් මීට අවුරුදු තුන හතරකට පෙර දකුණු පළාතේ පිහිටි තම ගමෙන් කොළඹට ආවේ සිය සිහින සැබෑ කරගන්නටය. ඈ පැමිණි අයුරින්ම ඇගේ සිහිනයට මල් පල ගන්වා ගන්නට හැකි වූ අතර මේ නිසාම ඈ හට රජයේ ගුරුපත්වීමක්ද ලැබුණි. ඇගේ වාසනාව කෙතරම්ද කියතොත් ඇගේ පළමු පත්වීම ම ලැබුණේ කොළඹ පිහිටි රජයේ ජනප්‍රිය පිරිමි පාසලකටය. ඒ අනුව ඇගේ ගුරු ජීවිතය ආරම්භ වුණේ එතැන් සිටය.

මේ අතරතුර 2013 වසරේදී ඈ විවාහ වන්නේද මෙරට ප්‍රකට රූපවාහිනී නාළිකාවක නිවේදකයකු සමගය. නිවේදකයකු වුවත් ඔහුගේ ස්ථීර රැකියාව වෙනත් එකක් විය. විවාහ වූ ඔවුන් දෙදෙනා ආදරයෙන් සාමයෙන් කල් ගත කළ අතර ඔවුන්ගේ පවුල හැඩ ගන්වමින් පුංචි දූ සිඟිත්තියක්ද එළිය දුටුවාය.

කාලය මේ ආකාරයෙන් ගෙවී ගියේය. මේ අතරතුර එම පාසල රටේ ඉහළ තැනකට එමින් තිබුණේ වසර ගණනාවක විශාල පසු බැස්මකට පසුවය. මේ විශාල නැගී ඒමට එම පාසලට අලූ‍තින් පැමිණි විදුහල්පති හේතුවක් වූ අතර මේ නිසා ඔහු ගුරු දෙගුරු සිසුන් අතරේ ජනප්‍රිය පුද්ගලයකු විය.

මේ නිසාම ඔහුට හැමෝගෙන්ම සහයෝගය හිමි වුණේය. පාසලේ උත්සවවල නිවේදන කටයුතු කිරීම ඉහත කී ගුරුවරියගේ සැමියාට හිමිවිය. කිසිදු මුදලක් අය නොකර ඔහු තම බිරිඳගේ පාසල වෙනුවෙන් දායක වූ අතර මේ නිසා විදුහල්පතිත් ඔවුන් අතරත් හිතවත් කමක් ඉබේ ඇතිවිය. ඒ හිතවත්කම නිසා ඇතැම් අවස්ථාවල පාසලේ උත්සවවලට ආරාධිතයන්ට පවා ආරාධනා ලැබුවේ ගුරුවරියගේ සැමියාගේ මැදිහත් වීමෙනි.

කාලය ක්‍රමයෙන් ගෙවී ගියේය. මේ අතරතුර ඉහත කී ආදරණිය පුංචි පවුලේ සතුට සාමයට කණ කොකා හ~ලන්නට වැඩිකලක් ගතවූයේ නැත. එනම් ඇතැම් දිනවල නිවේදක සැමියාට නිර්නාමික දුරකථන ඇමතුම් ලැඛෙන්නට වූයේ සිතා ගැනීමට නොහැකි කතා රැසක් සමගිනි.

ඒ ලැබුණු සෑම ඇමතුමකින්ම කියවුණේ තම බිරිඳත්, පාසලේ විදුහල්පතින් අනියම් ඇසුරක පැටලී ඇති බවය. මුල්ම කාලයේදී ඒ ඇමතුම් ඔහු එතරම් මායිම් නොකළත් පසු කාලෙක සිදුවූ ඇතැම් සිද්ධීන් හේතුවෙන් ඒවා විශ්වාස කරන්නට සිදුවිය. මේ නිසා ඇතැම් අවස්ථාවල දෙදෙනා අතර අඩදබර ඇතිවිය. බිරිඳ ගැන සැමියාට ලැබුණු තොරතුරු නිර්නාමික දුරකථන ඇමතුම්වලින් නැවතුණේ නැත. එම ඇමතුම්වලට එහා ගොස් ලිපි පවා ඔහුගේ නිවසට ලැබුණේය. ඒ සෑම ලිපියකම කියා තිබුණේ මේ අනියම් ප්‍රේම කතාව ගැනය. ඇතැම් ලිපි කියවීමට තරම් නොහැකි ඒවා විය. මේ පිළිබඳව සැමියා නිතර ගුරුවරියගෙන් ප්‍රශ්න කළ අතර එවැනි අවස්ථාවල දෙදෙනා අතර ගැටුම් ඇති විය.

මේ සියලූ‍ කාරණා සිදුවන අතර තුර දිනක් සැමියාට දුරකථන ඇමතුමක් ලැබිණි. ඒ ආවේ විදුහල්පතිගේ බිරිඳගෙනි. ඈ ඇමතුමක් ගෙන ඇසුවේද එක් දෙයකි මේ අනියම් සබඳතාවයට කුමක් කරන්නේද යන්නය. එලෙස ඇසුවත් දෙදෙනාටම කරන්නට දෙයක් තිබුණේ නැත. එයට හේතුවූයේ මේ සම්බන්ධය අතටම අල්ලා ගැනීමට තරම් අවස්ථාවක් නොතිබුණු නිසාය.

මේ සියලූ‍ ප්‍රශ්න මැද බක් මාසය උදා වුණේය. දිනය පසුගිය 03 වෙනිදාය. එදින ඉරිදා දිනයක් විය. එදින උදෑසන සිට දෙදෙනා අතර රණ්ඩු සරුවල් ඇතිවිය. එම අඩදබරවල උච්චතම අවස්ථාවට පැමිණි මොහොතේ ඈ තම සැමියාටත් බැණ වැදී නිවසෙන් එළියට බැස්සාය. බිරිඳගේ නික්ම යෑම සැමියා ගණන් නොගත් අතර එහෙත් ඇගේ අවසන් හමුවීම එය බව ඔහු දැන සිටියේ නැත.

රාත්‍රිය උදාවුණේය. එහෙත් ඈ නිවසට පැමිණියේ නැත. ඇගේ නොපැමිණිම ගැන සැමියාට ඇති වූ සැකය මත මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කළ යුතු බව ඔහු සිතුවේය. ඒ අනුව රාත්‍රී 8.00ට පමණ ගුරුවරියගේ සැමියා ඔහුගේ සහෝදරයකුත්, නිවසේ සේවය කරන සේවිකාවත් එසේම මේ පිළිබඳ හයක් හතරක් නොතේරෙන අවුරුදු එකහමාරක දැරියවත් රැගෙන තලංගම පොලිසියට ගියේය. ඇගේ සැමියා බිරිඳගේ අතුරුදන් වීම පිළිබඳව පොලිසියට පැමිණිලි කළේය. එම පැමිණිල්ල මගින්ද ඔහු උත්සාහ කළේ තමන්ගේ ආදරණිය බිරිඳට යම් අනතුරක් සිදුවන්නේ නම් එය වළක්වාලීමේ අරමුණෙනි. එලෙස පැමිණිල්ල දමා ඔවුන් එළියට පැමිණියේ නැවත නිවස බලා යාමටය.

ඔවුහු පොලිසිය ඉදිරිපිට පිහිටි කඩයේ නැවතී තේ බොමින් කතාබස් කරමින් සිටියහ. ගතවූයේ නිමේෂයකි. කාටත් සිතාගැනීමට නොහැකි ලෙස ගුරුවරිය කඩය අසලට පැමිණියාය. පිරිස අන්ද මන්ද වූහ. ඈ කොහෙන් පැමිණියාද යන්න කාටත් සිතා ගැනීමට නොහැකි විය. එලෙස පැමිණි ඈ කෑ ගසමින් මට මගේ දරුවා දීපන් යැයි කියමින් දරුවාගේ අතින් අදිමින් ඈ සමීපයට ඇද ගත්තාය. දරුවා එම සිද්ධියත් සමග බිය වුණේ සිදුවන්නේ කුමක්ද යන්න හිතා ගන්නට නොහැකිවය.

දරුවා තමන් ළඟට ගත් ඈ දරුවා වඩාගෙන මහපාර දිගේ දිව ගියාය. ඈ පසු පසින් සැමියාද දිවූ අතර ඔහු කිසිවිටකත් දරුවා බලහත්කාරයෙන් ගන්නට උත්සාහ කළේ නැත. එසේ ඈ තලංගම පොලිස් ස්ථානයේ සිට කන්ද ඉහළට දිවගිය අතර ඒ වන විටත් කන්ද උඩ ජීප් රථයක් නවතා තිබුණේය. එම ජීප් රථය අසල දී සැමියා කඳුළු සලමින් තම දරුවා ලබාදෙන ලෙස ඉල්ලූ‍වත් ඈ ඔහුට පහරක් ගසා ගෙල තදින් අල්ලා තල්ලූ‍ කර දැම්මාය. මෙලෙස පහර දෙන විට ඔහුට පහරදීමට නොහැකි වූයේ මන්දැයි මෙය කියවන ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් දරුවා බියට පත් වෙතැයි සිතා ඔහු සිය ආවේගය මැඩ ගත්තේය.

බිරිඳගෙන් පහර කමින් ඔහු ඉදිරියට යන විට ඔහු එන මග හරස් කරමින් ජීප් රථයේ දොරක් විවෘත විය. එලෙස දොර විවෘත කරමින් එළියට බැස්සේ කොළඹ ජනප්‍රිය පාසලක වැදගත් මහත්මයකු බව කියන විදුහල්පතිවරයාය. ඔහු එළියට පැන පිටුපස දොර විවෘත කර අනියම් බිරිඳත්, දරුවාත් වාහනය තුළට දමාගත්තේය. එලෙස දමා ගනිමින් ඔහු ඉදිරියට ධාවනය කළේය.

ඔවුන් මෙලෙස පිටවනවාත් සමග සැමියා ඇතුළු පිරිස නැවතත් තලංගම පොලිසියට ගොස් පැමි‚ල්ලක් දැම්මේ දරුවා පැහැරගෙන ගිය බව කියමිනි. ඒ අනුව එම පැමිණිල්ලද ලියාගත් පොලිසිය මේ පිළිබඳව කරුණු සොයන්නට විය.
මෙලෙස ඔවුන් පැනගියත් අදටත් දරුවා ඉන්න තැනක් පියා දන්නේ නැත. එහෙත් ගුරුවරිය පැමිණ මේ වන විට ප්‍රකාශයක් ලබාදී ගොස් ඇති අතර ඈ පවසා ඇත්තේ තමන් මෙලෙස නිවසෙන් ගියේ තම සැමියාගේ අනියම් සබඳතා නිසා බවය. කෙසේ වෙතත් ඒ කතා අමූලික මුසාවක් බව මේ වන විට තහවුරු වී හමාරය.

මෙම සිද්ධියෙන් පසු දින අදාළ විදුහල්පතිවරයා රූපවාහිනි වැඩසටහනකටද සහභාගී වී ඇති අතර ඉන්පසුව ඔහු පාසලේ රාජකාරියට ද ගොස් ඇත. එපමණක් නොව එදින අදාළ ගුරුවරියද රාජකාරිය සඳහා පැමිණ ඇත. එපමණක් නොව එදින ගුරුමණ්ඩලයේ රැස්වීමක් තිබී ඇති අතර එහිදී එක් ගුරුවරියකට නොසෑහෙන්නට අනංග විදුහල්පතිවරයා දෝෂාරෝපණය කර තිබේ.

එහිදී ඇයට තර්ජනය කරමින් ඔහු කියා සිට ඇත්තේ පාසලට නැවතත් නොපැමිණෙන ලෙසය. එයට හේතුවී ඇත්තේ මෙම අනියම් සබඳතාව මුහුණු පොතේ තිබියදී ඇය එයට ප්‍රචාරය ලබා දුන්නා යැයි කියාය.

එසේම මෙම සිද්ධියෙන් පසුව තවත් රහස් රැසක් හෙළි වී ඇත. ඒ විදුහල්පතිගේ තවත් අනඟ රැගුම් ය. ඔහු ගිය ගිය තැන අනඟ භූමිකාව රඟ දක්වා ඇති බව හෙළිවී ඇත. කෙසේ වෙතත් මෙම විදුහල්පතිවරයා මේ වනවිට කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට මාරුකර යවා ඇත. ඒ පරීක්ෂණ සඳහාය. කෙසේ වෙතත් මේ ගුරුවරියගේත්, විදුහල්පතිවරයාගේත් අනඟ රැගුම් නිසා අද වන විට ඔවුන්ගේ සහජාත දරුවන් තිදෙනෙකු අසරණ වී ඇත. එපමණක් නොව අහිංසක සැමියකුත් බිරිඳකුත් අසරණ වී සිටිති.

දරු පරපුරකට මග පෙන්වන්නට ඉන්නා දිසාපාමොක්වරුන් සේ වෙස්ගත් මේ පිශාචයන් මෙරටේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයට අරක්ගත් ඉහඳ පණුවන්ය. ගරු කටයුතු රැකියාවක් වූ ගුරුකමේ ගෞරවය රකින්නට නොදන්නා මේ වසලයන් පිළිබඳව නොපමාව නොපැකිළිව පියවර ගැනීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතුමය. මන්ද ගුරුකමට නිගරු කරන වෘෂභයන් හා ධේනුවන් තවදුරටත් එම වෘත්තියේ සිටිය යුතු නැති නිසාය.

ගයාන් ගාල්ලගේ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button