පළකල දිනය : Mon, Apr 18th, 2016

අයථා ඇසුරක් නිසා අපේ තරුණියක් ඕමානයේදී මරපු හෑටි මෙන්න

Sri Lankan Housemaids in Oman Killedඕමානයේ ජීවත් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් ගෙල කපා ඝාතනය කර තිබියදී පෙරේදා ඕමාන් පොලිසිය විසින් සොයාගෙන ඇති බව වාර්තා වේ. කුරුණෑගල පදිංචිකාරියක වූ එම කාන්තාවගේ අයථා සම්බන්ධයක් හේතුවෙන් මේ ඝාතනය සිදුකර ඇති බව ඕමාන් පොලිසිය සඳහන් කරන අතර ඝාතනයට සම්බන්ධ බවට සැකකරන බංගලි ජාතිකයකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

ඕමානයේ පොලිස් වාර්තා අනුව ඝාතනය දින කිහිපයකට පෙර සිදුකර ඇති බවට හෙළි වී ඇතැයි ඕමානයේ ශ්‍රී ලංකා තානාපති පද්මනාදන් මහතා පවසයි.
මේ ඝාතනය සම්බන්ධව විදේශ සේවා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවැසුවේ ඝාතනයට ලක්වූ කාන්තාව ගෘහ සේවයට යෑමට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවීම නිසා මළ සිරුර දිවයිනට ගෙන්වා ගැනීමේදී වගකීමක් ගත නොහැකි බවයි.

දැනට පවතින නීති රීති අනුව විදේශ නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී පිටව යන කිසිදු පුද්ගලයකු සම්බන්ධයෙන් කාර්යාංශය මැදිහත් නොවන බවද අමාත්‍යවරිය අවධාරණය කළාය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button