කේක් ආසාද්මිකවී පාසල් සිසුවියක් මරු තුරුලට ගිය හෑටි

young girl dies from allergic after eating a cake in Anuradhapuraඅලූ‍ත් අවුරුද්දේ නෑයෝ ගෙනාව කේක් ආහාරයට ගැනීමෙන් පසු ඇතිවූ ආසාද්මිකතාවක් හේතුවෙන් අනුරාධපුර කහටගස්දිගිලිය ප‍්‍රදේශයෙ පාසල් සිසුවියක් මරණයට පත්වී තිඛෙනවා.

මෙසේ මරණයට පත්ව ඇත්තේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන යශෝධරා හංසනී දිසානායක නැමති 16 හැවිරිදි ශිෂ්‍යාවක්.

ඇය අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටීම සඳහා ඉගෙනුම ලබමින් සිටියා.

පසුගිය 14 නිවසට පැමි‚ ඥාතීන් සමග විනෝද වෙමින් සිටියදී ඇය කේක් ආහාරයට ගෙන තිඛෙනවා.ඒ සමගම ඇති වූ ආසාද්මිකතාවක් හේතුවෙන් රෝගී වූ ඇය සීප්පුකුලම තම්මැන්නාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිඛෙනවා.

රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලැබූ හංසනී පසුගිය 16 වැනිදා මරණයට පත්වුණා.

තමන්ගේ දුවට අත්වුණු මේ ඉරණම ගැන කියපු යසෝදරාගේ තාත්තා දෙමාපියන්ගෙන් ඉල්ලන්නේ කෘත්‍රිම දේවල් දරුවන්ට නොදි පුලූ‍වන් තරම් ස්වාභාවිකව හදාගන්න කෑම දීලා දරුවන් පෝෂණය කරන්න කියලා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button