පළකල දිනය : Thu, Apr 21st, 2016

අනංගයාගේ සිරුරට බිරියයි අනියම් බිරියයි වලියක් දාගත්ත හෑටි

Wives Fight Over Husband's Dead Body”වයසක අනියම් සැමියාගේ මළ සිරුරටත් පෙම් බඳින තරමට අද මේ රටේ ඇතැම් තරුණියො රාගයෙන් අන්දවෙලා. රටේ සිදුවන සදාචාර පරිහානිය තිස් අවුරුදු යුද්ධය තරමටම දරුණු යැයි” කළුතර නාගොඩ මහ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක සාමවිනිසුරු නිහාල් ජයනෙත්ති මහතා මරණ පරීක්‍ෂණයක් අවසානයේදී කීවේය.

ඒ මහතා මේ අදහස ප්‍රකාශ කළේ අවුරුදු 76ක් වයසැති විශ්‍රාමිකයකුගේ මළ සිරුරට බිරින්දෑවරු දෙදෙනෙක් ඉදිරිපත්ව මතුවූ ගැටලූ‍ව විසඳීමෙන් පසුවය.

පයාගල පදිංචිව සිටි ඉන්ජිනේරු සංස්ථා ලිපිකරුවකු වූ 76 හැවිරිදි තිදරු පියාගේ මළසිරුරට මෙසේ විවාහක බිරියත්, අනියම් බිරියත් සටනට පැටලී ඇති බව මරණ පරීක්‍ෂකවරයා පැවැසීය.

මියගිය පුද්ගලයාගේ විවාහක බිරියට අවුරුදු 71කි. දරු තිදෙනෙකි. වැඩිමල් දියණියට අවුරුදු 48කි.

එක් දිය‚යක් විදේශගතය. දරුවන් දීග දුන් පසු මරණකරු පුවත්පතක මංගල යෝජනාවක් පළකර අලූ‍ත් බිරියක් පැතුවේය. 40 හැවිරිදි තරුණියක් වියපත් පෙම්වතාට පෙම් හසුන් එව්වේය. විවාහක බිරිය තම දියණිය රෝගාතුර වූ විට පිටරට ගියාය.

වියපත් බඹරා තරුණ බිරිය කැඳවාගෙන පයාගල ප්‍රදේශයේ නිවෙසක් මිලදී ගෙන අලූ‍ත් ජීවිතයක් ගත කළේය. මේ අතර විවාහක බිරිය නඩත්තු ඉල්ලා දැමූ නඩුවෙන් ඇයට මාසිකව රුපියල් 5,000ක් ගෙවන්නටද ඔහුට සිදුවිය.

නාකි විසේ ගෙටත් උස බව කියා විවාහක බිරිය තම දරුවන් ළඟට ගියාය. පසුගිය අප්‍රේල් 04දා වියපත් බඹරා කළුතර නාගොඩ රෝහලේදී මිය ගියේය.

අනියම් බිරිය සහ විවාහක බිරියත් දරුවනුත් පයාගල පොලිසියට ගියේය. පයාගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක දුමින්ද රාජපක්‍ෂ මහතා හමුවේදී ඔවුහු බහින්බස් වූහ. සමඟි කරන්නට පොලිසියේ අයට නොහැකි විය. කළුතර මහ රෝහලේ මරණ පරීක්‍ෂකවරයා වෙත ගොස් බේරුමක් කරගන්නට පොලිසිය දෙපාර්ශ්වයටම උපදෙස් දුන්නේය.

මරණ පරීක්‍ෂක නිහාල් ජයනෙත්ති මහතා හමුවේදී බිරින්දෑවරු දෙන්නා සටනට සූදානම් විය. එසේ වුවහොත් කළුතර මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය ළඟට යොමුකරන බව මරණ පරීක්‍ෂකවරයා පැවැසීය. අවසානයේ මරණ පරීක්‍ෂකවරයා දෙපාර්ශ්වය සාමදාන කිරීමට සමත් විය.

ඒ අනුව අවු. 48ක් දීග කෑ තම විවාහක සැමියාගේ මළ සිරුර ඔහු සමඟ වසර තුනක් දීග කෑ අනියම් බිරියට භාරදී ආපසු යෑමට නීත්‍යනුකූල බිරිය හිත හදා ගත්තාය. අවසානයේ ඇය මරණ පරීක්‍ෂකවරයාගෙන් එක ඉල්ලීමක් කළාය. අවසන් කටයුතු කරන මොහොතට සහභාගි වීමටවත් ඉඩ ලබාදෙන ලෙසය. ඒ ඉල්ලීම ලිඛිතව ලබාදීමට මරණ පරීක්‍ෂකවරයා කටයුතු කළේය.

තම දියණියටත් වඩා වයසින් බාල තරුණියක් සමඟ අනියම් සබඳතාවක් මත පවුල් ජීවිතය ගෙන ගිය 76 හැවිරිදි පුද්ගලයා අවසන් ගමන් ගියේ තම දූ දරුවන්ගේ සිතේ හා නෙතේ කඳුළක් ඉතිරි කරමින් යැයි කළුතර නාගොඩ මහ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂකවරයා පැවැසීය.

”මිනිස්සු ගුණධර්මවලින් ඈත් වෙන විට සමාජය උඩු යටිකුරු වෙනවා.” ඔහු වැඩිදුරටත් ඵකීවේය.

Comments පලකිරීමට පහතට යන්න


Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Back to Top Button