පළකල දිනය : Fri, Apr 22nd, 2016

අනියම් සැමියා නිවුන් දැරියන් දෙදෙනාවම වරින් වර කෙලෙසලා මාට්ටු වුන හෑටි

Twin Girls Found Abused In Mundalamaවයස අවුරුදු 14 ක් වන නිවුන් සහෝදරියන් දෙදෙනෙකුට වරින් වර බරපතල ලිංගික අතවර සිදු කළ 41 හැවිරිදි පුද්ගලයෙකු මුන්දලම පොලීස් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මුන්දලම පොලිස් වසමේ මහකුඹුක්කඩවල පදිංචිකරුවෙක්. අතවරයට පත්ව ඇති දැරිවියන් දෙදෙනා පාසල් සිසුවියන් වන අතර සිසුවියන් දෙදෙනාගේ පියා මව හැර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ලිංගික අපයෝජනය කළ සැකකරු මව සමග අනියම් ඇසුරක් පවත්වා ඇති අතර 2013 වසරේ සිට එක් දැරිවියක් සමග සතියකට වතාවක් ලිංගික ඇසුරක් පවත්වා ඇති බවයි විමර්ශනවලදී හෙළිවී තිඛෙන්නේ.

පසුව 2014 වසරේ සිට අනෙක් දැරිවියද සැකකරු වරින්වර අපයෝජනය කර තිඛෙනවා. තම මවගේ අනියම් සැමියා විසින් කරණු ලබන ලිංගික බලපෑම් සම්බන්ධයෙන් දැරිවියන් දෙදෙනා විසින් මිත්තණියට පවසා ඇතත් ඇය ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැහැ.

මීට මාස 03 කට පෙර දැරිවියන්ගේ මව රැකියාවක් සදහා විදේශ ගතවී ඇති අතර ඉන් පසුව සැකකරු විසින් නිරන්තරව දැරිවියන් දෙදෙනාව ලිංගික ඇසුරට යොදාගෙන තිඛෙනවා.

මේ ගැන නැවත නැවතත් මිත්තණියට දැනුම්දීමෙන් පසුව දැරිවියන් දෙදෙනා සමග මුන්දලම පොලීසියට පැමිණ සිද්ධිය ගැන පැමිණිලි කිරීමෙන් පසුව අදාල සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

දැරිවියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button