පළකල දිනය : Mon, Apr 25th, 2016

කාන්තාවගේ උඩුකය ඇඳ සිටි ඇඳුම් සීරුවෙන් ගලවපු කපුවා මාට්ටු වුන හෑටි

Girl Friend Allegedly Raped by Boy Friend Partnersකාලි මෑණියන්ගේ දිෂ්ටි බලයෙන් රෝග සුවකරන, ශාන්තිකර්ම කරන කපුවකු ලෙස පෙනී සිටි සල්ලාලයකු වඳුරඹ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 වියැති වඳුරඹ දෙයියන්දර ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකි. සැකකරු විසින් පවත්වා ගෙන යන දේවාලයට පැමිණි වඳුරඹ ප්‍රදේශයේම යුවළකට ඔවුන්ගේ නිවෙසේ දෝෂයක් ඇති බවත් එම කාන්තාවට ශරීරය අභ්‍යන්තරයේ විශාල රෝගයක් ඇති බවත් පවසා ඇති මේ කපුවා එය දුරුකර දීමට නිවෙසේ ශාන්ති කර්මයක් කිරීමට අවශ්‍ය බැව් පවසා තිබේ. ඉන් පසු එම යුවළ නිවෙසේ ශාන්තිකර්මයට එකඟවී ඉකුත් 20 දින රාත්‍රි මෙම කටයුතු සිදු කිරීම අරඹා ඇත.

මේ සඳහා පෙරේත තටු ආදිය සකසා සැකකරු ඒවා මතුරා ජීවම්කර පසුව 30 හැවිරිදි දෙදරු මවක් වූ එම කාන්තාවගේ ශරීරයේ පිළිකාවක් තිබෙන බවත් එයට ශාන්තිකර්ම කිරීම සඳහා කිසිවකු නොමැති කාමරයකට කාන්තාව පැමිණිය යුතු බවත් පවසා ඇත. මේ සඳහා අදාළ කාන්තාව තම අකැමැත්ත ප්‍රකාශ කර ඇති නමුදු සිය ස්වාමි පුරුෂයාගේ හා අනෙකුත් අයගේ පෙරැත්තය මත ඇය එයට එකඟ වී ඇත. සැකකාර කපුවා තම කළමනාද ගෙන කාන්තාව සමඟ කාමරයට ගොස් ‍දොර වසා යාතිකා කරමින්

කාන්තාවගේ උඩුකය ඇඳ සිටි ඇඳුම් සීරුවෙන් ගලවමින් තෙල් වර්ගයක් එම ප්‍රදේශයේ ආලේප කරන්නට පටන්ගෙන තිබේ. මෙම සිද්ධිය ගැන සැකසිතූ එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා අදාළ කාමරයේ පිටුපසින් ඇති කවුළුවකින් කාමරයට එබිකම් කර ඇත. එවිට තම බිරිය නිරුවත් කරමින් සැකකාර කපුවා තෙල් ගාන අයුරු දුටු ස්වාමි පුරුෂයාට යකා ආරූඨ වී වහා ගොස් දොර කඩා සැකකාර කපුවාට පහරදීමට උත්සාහ කිරීමත් සමඟම ඔහු පලා ගොස් ඇති අතර යාතිකාව සඳහා සූදානම් කර තිබූ පෙරේත තටු කඩා බිඳදමා මේ පිළිබඳ පොලිසියට පැමිණිලි කර ඇත. පරීක්‍ෂණ ඇරැඹූ පොලිසිය සැකකරු සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. අතවරයට ලක්වූ කාන්තාව කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීමට නියමිතව ඇත.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button