පළකල දිනය : Fri, Apr 29th, 2016

ව්‍යාපාරිකයකුගේ බිරිදගේ නිරුවත් ඡායාරුප අරගෙන කරපු වෑඩේ

Sad-Story-about-a-HIV-Infected-Prostitute-in-sri-lanka-2-300x267කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ බිරිය සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන යද්දී ඇගේ නිරුවත් ඡායාරූප ගෙන ඒවා සැමියාට පෙන්නවන බවට ඇය බියගන්වා වරින් වර ඇගෙන් රුපියල් කෝටි 1 1/2 ක පමණ කප්පම් මුදල් ලබාගත් තරුණයෙකු කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

පොලින්නරුවේ පදිංචිකරුවකු වන 28 හැවිරිදි සැකකරු අවිවාහකයකු වන අතර කප්පම් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර ඇති ව්‍යාපාරික බිරිය කුරුණෑගල පදිංචි 40 හැවිරිදි දෙදරු මවකි.

සැකකරු ව්‍යාපාරික බිරිය සමඟ නගරයෙන් බැහැර හෝටල් වලට ගොස් පෙම්සුව විඳ ඇති බවද එහිදී ඔහු ඇගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබාගෙන ඇති බවද පොලිසිය කියයි.

මේ තැනැත්තිය ධනවත් කාන්තාවක බව දැනගත් සැකකරු තම ළඟ තිඛෙන අගේ නිරුවත් සේයාරූ හා වීඩියෝ දර්ශන ඇගේ සැමියාට ලැඛෙන්නට සලස්වන බවටත් පවසා බියපත් කර අවස්ථා කිහිපයකදී ඇගෙන් රුපියක් කෝටි එකහමාරක් පමණ ලබාගෙන ඇති බවද පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

සැකකරුගේ තර්ජන කරීම් හේතුවෙන් බියපත්වූ ඇය එක් අවසථාවක අගේ නමට තිබු වටිනා ඉඩමක් පවා විකුණා කෝටියක මුදලක් ඔහුට දී ඇති බව පැවසේ.

දිගින් දිගටම සැකකරු නිසා හෙම්බත්ව් සිටි කාන්තාව මේ සිද්ධිය සිය සැමියාට දැන්වා ඇත. ඉන්පසුව ඔවුන් කුරුණෑගල පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර කුරුණෑගල මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඔහු ඇගෙන් කප්පම් වශයෙන් ලබා ගත් මුදලින් මිලදී ගෙන තිබු ලක්ෂ හතළිහක් වටිනා නවීනතම කැබ් රථයක්ද අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

සැකකරු කප්පම් මුදල් යොදවා මහනුවර අම්පිටිය ප්‍රදේශයේ හොටයක්ද මිලදී ගෙන ඇති බවද පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

කුරුණෑගල පොලිසිය විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button