දැරිය බිරිය කරගන්න ගිය හමුදා සෙබළුන් දෙදෙනෙකුට වෙච්ච වෑඩේ

Two Soldiers Arrested for abusing Underage Girlපහළොස් හැවිරිදි බාලවයස්කාර බිරිය ඛෙදා ගැනීම සඳහා අනුරාධපුර පොලිස් ස්ථානයේ පිහිට පතා පැමි‚ යුද හමුදා සෙබළුන් දෙදෙනකු හා ඊට අනුබල දුන් දැරියගේ මව පෙරේදා සවස (7දා) අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

බාලවයස්කාර දැරියක නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම හා අපයෝජනය කිරීමේ චෝදනාව මත මේසෙ අත්අඩංගුවට ගෙන තිබේ.

දැනට සේවය අතහැර පලාවිත් සිටින විවාහක 30 හැවිරිදි යුද හමුදා සෙබළකු හා දැනට තන්තිරිමලය බෝගහයාය යුද හමුදා කඳවුරේ සේවය කරන අවිවාහක 26 හැවිරිදි යුද හමුදා සෙබළකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සඳහා ආධාර අනුබල දුන් බවට සැකපිට දැරියගේ මවද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සේවයෙන් පලාවිත් සිටින අනුරාධපුර ශ්‍රාවස්තිපුර පදිංචි යුද හමුදා සෙබළා පළමු විවාහය අතහැර සිටින බව පොලිසිය අනාවරණය කර ගෙන තිබුණු අතර පසුගිය වසරේදී මෙම සැකකරු මිහින්තලය සීප්පුකුලම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 15යි මාස දෙකක් වයසැති බාලවයස්කාරිය සමඟ ආදර සබඳතාවක් පවත්වා ඇය වයස සම්පූර්ණ වූ පසු විවාහ කර ගැනීමේ අරමුණින් අඹුසැමි ඇසුරක් පවත්වා ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබිණි.

දෙදෙනාට ජීවත්වීමට මඟක් නොමැති නිසා සේවයෙන් පලාවිත් සිටින යුද හමුදා සෙබළා බාලවයස්කාරියව අනුරාධපුර පැරැණි නගරයේ පිහිටි යුද හමුදා නිල ඇඳුම් හා ආයිත්තම් අලෙවි කරන වෙළෙඳසලක සේවයට යවා තිඛෙන අතර එම වෙළෙඳසලට ඇඳුම් මිලදී ගැනීම සඳහා මැදවච්චිය වහමල්ගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි තන්තිරිමලය යුද හමුදා කඳවුරේ සේවයේ නියුතු සෙබළා පැමිණ ඇති අතර එහිදී බාලවයස්කාරිය හා හමුදා සෙබළා අතර ආදර සබඳතාවක් ඇතිවී තිඛෙන බවද පොලිසිය අනාවරණය කරගෙන තිබිණි.

තන්තිරිමලය හමුදා කඳවුරේ සෙබළා සමඟත් දැරිය අනියම් ඇසුරක් පවත්වා දෙදෙනා කොළඹ ප්‍රදේශයට ගොස් පවුල් කෑමට සැරසෙන බවට සේවයෙන් පලා ආ සෙබළාට ආරංචි වීම නිසා එම ගැටලූ‍ව විසදා දීමට අනුරාධපුරට පැමිණෙන ලෙස දැරියගේ මවට ඔහු දැනුම්දී තිබේ.

පෙරේදා (7දා) ඇගේ මව අනුරාධපුරයට පැමිණ ගැටලූ‍ව විසඳීමට උත්සාහ කළත් බෑනාවරුන් දෙදෙනකු දියණිය ඉල්ලා ඇන කොටා ගැනීම නිසා ගැටලූ‍ව නිරාකරණය කර ගැනීමට පොලිස් ස්ථානයට යෑමට තීරණය කර තිබේ.

බාලවයස්කාරියක් සමඟ ඇඹුසැමි ඇසුරක් පැවැත්වීම නීත්‍යනුකූල නොවන බව අමතක වී හෝ නොදැනුවත්ව පොලිස් ස්ථානයට ගිය සිවුදෙනා ඔවුන්ගේ ගැටලූ‍ව පොලිසියට ඉදිරිපත් කර ඇති අතර දැරියගේ වයස පිළිබඳ විමසීමේදී ඇය බාලවයස්කාරියක් බව පොලිසිය විසින් අනාවරණය කර ගෙන සිවුදෙනාම අත්අඩංගුවට ගෙන තිබේ.

මිහින්තලය පොලිස් වසමේ පදිංචි බාලවස්කාර දැරියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීමේ චෝදනාවට සේවය අතහැර සිටින යුද හමුදා සෙබළා හා ඊට අනුබල දීමට දැරියගේ මව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මිහින්තලය පොලිසියට භාරදී තිබේ.

දැරියක් නීත්‍යනුකුල භාරකාරත්වයෙන් අපහරණය කිරීම හා අපයෝජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තන්තිරිමලය බෝගහයාය යුද හමුදා කඳවුරේ සේවය කරන අවිවාහක 26 හැවිරිදි යුද හමුදා සෙබළා ඊයේ (08දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අපයෝජනයට ලක්වූ බාලවයස්කාර දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කිරීමට පොලිසිය කටයුතු කර තිබිණි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button