පළකල දිනය : Wed, May 11th, 2016

වැල්ලවත්තේදී දුම්රියට බිලි වූ යුවළ ගැන සියලු ‍තොරතුරු

young couple in Train accident at Wellawatteමුහුදුබඩ දුම්රිය මාර්ගයේ සිදුවූ අනතුරකින් අද පෙරවරුවේ තවත් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.

රත්මලාන දුම්රිය ස්ථානයට ආසන්නයේදී මෙම පුද්ගලයා දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

අද පෙරවරුවේ වැල්ලවත්ත සහ දෙහිවල දුම්රිය ස්ථාන අතරදී ද තරුණ යුවළක් සාගරිකා දුම්රියේ ගැටී ජීවිතක්‍ෂයට පත් වුණා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ සුබ්‍රමනියම් කමලනාත් සහ ආර්.මහේෂිකා යන දෙදෙනායි.

ඔවුන් දෙදෙනා පිළිවෙලින් නුවරඑළිය ප්‍රදේශයේ සහ මස්කෙළිය යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය විමර්ශන සිදුකරමින් තිබෙනවා.

වැල්ලවත්ත ප්‍රදේශයේ දීම කාලිමුත්තු සෙල්වි නැමැති 19 හැවිරිදි තරුණියක් පසුගිය අටවන දින ජීවිතක්ෂයට පත්වූ අතර ඊයේ (10)උදෑසන 6.45 ට පමණ අළුත්ගම සිට ධාවනය වූ දුම්රියක ගැටීමෙන් වාද්දුවේදී තවත් පුද්ගලයෙකු මිය ගියා.

එම පුද්ගලයා දුම්රිය මාර්ගයේ ඇවිදිමින් සිටියදී අනතුරට ලක්ව ඇති වාර්තා වන්නේ.

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ පසුගිය කාලයේ දිගින් දිගටම අනතුරු සිදුවූ නිසා අනතුරු හැඟවීමේ පුවරු තැනින් තැන සවි කර ජනතාව තවදුරටත් දැනුවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ තීරණය කර තිබෙනවා.

 

 

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button