පළකල දිනය : Fri, May 13th, 2016

තරුණීයකගේ කුසේ හටගත් කිලෝ 14ක ගෙඩිය ඉවත් කළ හෑටි

Giant 14kg tumour removed from woman's ovary (4)තරුණ කාන්තාවකගේ කුසේ හටගත් කිලෝ 14ක පමණ විශාල ගෙඩියක් ශල්‍යකර්මයක් මගින් සාර්ථකව ඉවත් කිරීමට අනුරාධපුරයේ වෛද්‍ය කණ්ඩායමක් සමත් විය.

රෝගී කාන්තාවගේ ඩිම්බ කෝෂයක හටගත් මෙම ගෙඩිය උදරය විශාල වන තෙක් හඳුනාගෙන නොතිබූ අතර පසුව විශේෂ පරීක්ෂණ ඔස්සේ සැත්කමක සිදු කිරීමට වෛද්‍යවරුන්ට සිදුවිය.

කලාවැව ප්‍රදේශයේ පදිංචිකාර‚යක් වන මෙම කාන්තාව 35 වන වියේ පසුවෙයි.ප්‍රසව හා නාරි ශල්‍ය වෛද්‍ය ජගත් එන් හේරත්,නිද්‍රා වෛද්‍ය කෝශල ඩෙප් හා වෛද්‍ය නිලධාරී ලංකා චන්ද්‍ර මහත්වරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයක් අනුරාධපුර පෞද්ගලික රෝහලක දී (සුව ශාන්ති) ඊයේ(12)මෙම සැත්කම සිදු කළේ ය .

කාන්තාවගේ තත්ත්වය සුව අතට පත්වෙමින් පවතින බව එම රෝහලේ නිලධාරීහු පැවැසූහ.පුද්ගයෙකුට තනිව එසවීමට පවා අසීරු එම ගෙඩිය දිගින් අඩියකට වඩා වැඩි ය.පළල හා උස ද අඟල් 9ක් පමණ වේ.

එම කණ්ඩායමේ ප්‍රධාන වෛද්‍ය ජගත් හේරත් මහතාගෙන් කළ විමසුමේ දි ඔහු සඳහන් කළේ ඇතැම් විට කාන්තාවන්ගේ ඉදිරියට නෙරූ කුස තුළ මෙවැනි ගෙඩි තත්ත්වයක් තිබිය හැකි බවත් එවැනි සැක කටයුතු අවස්ථා වල දී සැළකිලිමත් විය යුතු බවත් ය.

‘‘ මෙවැනි ගෙඩි ඇති බොහෝ දෙනා නොසැලකිලිමත්.අපට කියන්න තියන්නේ වහාම පරීක්ෂා කරලා ප්‍රතිකාර ගන්න කියන එක. මේ ගෙඩිය තිබුණේ ඩිම්බකෝෂයක් තුළ‘‘ යනුවෙන් වෛද්‍යවරයා පැවැසුවේ ය.

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button