පළකල දිනය : Sat, May 14th, 2016

මාස තුන හතරකින් ලෝචනා කුළුඳු‍ලේ අම්මා කෙනෙක්

lochana gossipකොහොමද ලෝචනා?
හොඳින් සතුටින් ඉන්නවා ඉතින්.

කොහොමත් සතුටින් ඉන්න ඕනැනේ මේ දවස්වල?
හ්ම්… හ්ම්…

උපන් දිනයට පින් අතේ වැඩක් කළා කියලා ආරංචියි?

මම කොහොමත් උපන් දිනයට පාටි දානවට වඩා කරන්නේ පින් අතේ වැඩ. මේ අවුරුද්දෙත් ඒකේ වෙනසක් වුණේ නෑ. දානයක් දීලා පිනක් කරගත්තා.

දැන් ගෙවුණේ කීවෙනි අවුරුද්දද?

28

ලෝචනා විවාහ වෙලත් අවුරුද්දක් ගත වුණා?
ඔව්නෙ කා‍ලේ යන ඉක්මන ගැන හිතා ගන්නවත් බෑ.

ගිය අවුරුද්දේ නම් උපන් දිනය සමරන්න සැමියත් ළඟ හිටියා. ඒත් මේ අවුරුද්දේ උපන් දිනයට තියා විවාහ සංවත්සරයටවත් සැමියා ළඟ නෑ?

ඔව්නෙ ඒ අඩුව නම් මට අඩුවක් නැතුව දැනුණා.

මේ දවස්වලනේ සැමියා ළඟින්ම ඉන්න ඕනෑ?
ඒක නම් එහෙම තමයි. ඒත් ඉතින් මොනවා කරන්නද?

දැන් ඔය සුන්දර රහස හංගාගෙන හිටියා ඇති නේද? දැන්වත් කියමුද අමාරුවෙන් හංගාගෙන හිටපු රහස?

හැමදේටම හොඳ වෙලාවක් තියෙනවා. ඒ වෙලාව එනකම් මම හිටියේ. ඒ වගේම මම මේ රහස ඉස්සෙල්ලාම කියන්නෙත් ඔයාලට.

එහෙනම් කියමුකෝ කවදාද ලෝචනා කුළුඳු‍ලේ අම්මා කෙනෙක් වෙන්නේ?
තව මාස තුන හතරකින් මමත් අම්මා කෙනෙක්.

කඩාගෙන බිඳගෙන ලංකාවට ආවේ ඒක නිසා වෙන්න ඇති?
නෑ, කොහොමත් ලංකාවට එන්න හිටියේ. ඒ අතර තමයි මේ සුබ ආරංචිය දැන ගත්තේ. මට අම්මලා සතුටු කරන්නයි, පුදුම කරන්නයි ඕනෑ වුණා. ලංකාවට එනකන් අමාරුවෙන් දවස් කීපයක් රහස රැක ගත්තා.

ආච්චිලා, සීයලා වෙන්න යනවා කියලා දැනගත්තම කොහොමද දෙපැත්තේ දෙමව්පියන්ගෙන් ලැබුණු ප්‍රතිචාර?

හුඟාක් සතුටුයි. ලසන්තගේ ගෙදර අයට මේ අත්දැකීම අලුත් නෑ. ඒත් මගේ ගෙදර අයට හා හා පුරා කියලා ඔය අත්දැකීම ලැබුණාමනේ. කොහොම වුණත් දෙගොල්ලොම හුඟක් සතුටු වුණා.

ඔක්කෝටම කලින් කියන්නකෝ ලසන්ත තාත්තා කෙනෙක් වෙන ආරංචිය දරා ගත්තේ කොහොමද?

එයාට සතුටුයි. ඒත් අපි ලංකාවට එන්න හැම දේම ලෑස්ති කරගෙන ඉන්නකොටනේ ඔය ආරංචිය ලැබුණේ. ඒ නිසා ළඟට වෙලා ඉන්න බැරි එක ගැන එයාට හරිම දුකයි. ඒත් මගේ සුව පහසුව ගැන හරියට හිතනවා. ළඟ නොහිටියට මම ගැන හොයලා බලනවා. ළඟ නැති වුණත් එයාගේ ආදරේ අඩුවක් නෑ කියලා දැනෙන කොට සතුටක් දැනෙනවා.

ඉතින් නෙදර්ලන්තයට වෙලා හිටියනම් හරිනේ. ඔච්චර හිතට අමාරු නම් මොකටද සැමියා දාලා ලංකාවට ආවේ?

වැරදියට වටහා ගන්න එපා. සැමියාව දාලා ආවේ නෑ. එයාමයි ඇවිත් මාව අම්මලට බාර දීලා ගියේ. මොකද මේ වෙලාවේ අම්මා ළඟ ඉන්න එක තමයි හොඳම. ලසන්ත වැඩට ගියාම නන්නාඳුනන රටේ පාළු ගෙදරක මම තනි වෙනවානේ. ඊට වඩා හොඳ නැද්ද දන්න රටේ අම්මා එක්ක ඉන්න එක.

දැන් හිටියට දරුවා ලැබෙන්න නෙදර්ලන්තයට යයි?
නෑ, ලසන්තටයි ලංකාවට එනවා.

ඇයි දරුවගේ පුරවැසිභාවය ගැන හිතන්නේ නැද්ද?

නෑ, මටයි ලසන්තටයි ඕනෑ අපේ දරුවා අපේ රටේ නෑදෑයෝ, යාළු මිත්‍රයෝ මැද ඉපදෙනවාට.

දරුවා ලැබුණට පස්සේ ලංකාවෙන් යනවද?

නොගිහින් බෑනේ. දෙන්නා දෙපැත්තට වෙලා ඉන්න බෑනේ. මම එහෙම ඉන්න කැමතිත් නෑ. හම්බ වුණ ගමන්ම නමෛයි බබාව ටිකක් හුරු වුණාම යනවා.
දැන් අම්මයි, තාත්තයි බලා‍පොරොත්තු වෙන්නේ දුවෙක්ද? පුතෙක්ද?

මම නම් වැඩිය කැමති පුතෙක්ට. මොකද අපේ පවු‍ලේ ඉන්නෙම කෙල්ලොනේ.
ලසන්තගේ පවු‍ලේ ඉන්නේ පුතාලනේ. එතකොට එයා කැමති දුවෙක්ටද?

මම හිතන්නේ ඒ වගේ. ඒත් කියන්නේ නම් කවුරු වුණත් කමක් නෑ කියලා.

විවාහ වුණා කියලත් ලෝචනාට මහා බරක් ජීවිතේට දැනුණේ නෑනේ. හැබැයි අම්මා කෙනෙක් වුණාම නම් ඔය නිදහස නැති වෙනවා?

ඇත්ත විවාහ වුණාට පස්සේ මට නිදහස ඕනෑවටත් වඩා ලැබුණා. ඒ ලසන්ත මාව හොඳට තේරුම් ගත්ත නිසා. ඒත් අම්මා කෙනෙක්ට දරුවෙක් ලැබුණට පස්සේ විතරක් නමෛයි ලොකු මහත් වුණාට පස්සෙත් නිදහසක් නෑ. වගකීමෙන් මිදෙන්නත් බෑ. ඒත් මම ඒ බැඳීමට, වගකීමට කැමතියි.

ඒත් දරුවා නිසා රංගනයෙන් ටික කලකට ඈත් වෙන්න වෙනවා?

විවාහ වෙලා ලංකාවෙන් යනකොටත් මම මුලින්ම ඔය විදියට හිතුවා. ඒත් මේ මොහොත වෙනකොටත් මම ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා නෑ. බලමු. එන විදියට ඒ ගැන හිතනවා. කොහොමත් දරුවා වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්න මම ලෑස්තියි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button