පළකල දිනය : Mon, May 16th, 2016

පිරිමීඩ ජාවාරම් කරුවන්ගේන් ගෑලවුන ආෂික්‌ කියන කතාව

Wariyapola abducted youth rescued by policeතමා පැහැරගත් කප්පම් කල්ලිය දින දෙක තුනක්‌ම තමාට කෑමට දුන්නේ බිස්‌කට්‌ පමණක්‌ යෑයි රුපියල් කෝටි දෙකක්‌ ඉල්ලා කප්පම් කල්ලියක්‌ විසින් පැහැරගෙන ගිය වාරියපොල මොහොමඩ් ආෂික්‌ නමැති තරුණයා පොලිසිය මගින් නිදහස්‌කර ගැනීමෙන් පසු අප සමග පැවැසීය.

ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. එදා 12 වැනිදා රෑ මම කඩේ ඉඳලා ගෙදර යනකොට සුදුපාට කාර් එකක්‌ මා ළඟ නැවැත්තුවා. ඒ කාර් එකේ හිටපු අය මගේ බෙල්ලෙන් අල්ලා කාර් එකේ දාගෙන ගියා.

ඔවුන් මගේ අත් ගැට ගැසුවා. කට සහ දැස්‌ බැඳලා ගෙදරකට ගෙනත් දැම්මා. මම ඒ ගේ ගැන හරියට කියන්න දන්නේ නැහැ. පැය 1/2 ක්‌ විතර දුර ගියාට පස්‌සෙයි ඒ ගෙදරට ගෙනත් දැම්මේ. මට බිස්‌කට්‌ කන්න දුන්නා. වතුර බොන්න දුන්නා. එච්චරයි.

එයාලා මගෙන් ඇහුවා උඹලගේ තාත්තාට සල්ලි තියෙනවා නේද කියලා. මම කිව්වා එච්චර සල්ලි නැහැ කියලා. එයාලා ඒක විශ්වාස කළේ නැහැ.

උඹ බොරු කියනවා නේද කියලා මගේ කටට පහරක්‌ ගැහුවා. මගේ ජංගම දුරකථනය අරගෙන ඒගොල්ලෝ අපේ ගෙදරට කතා කෙරුවා. පුතා අපි ගාව ඉන්නේ අපි පස්‌සේ කතා කරමු කියලා ඔවුන් මුලින්ම කිව්වා. ඊට පස්‌සේ ගෙදරින් සල්ලි ඉල්ලලා තර්ජනය කළා.

අන්තිම දවසේ එයාලා කලබල වෙලා වගේ මාව තැනකට ගෙනල්ලා දාලා යන්න ගියා. ඊට පස්‌සේ මම තනියම ඉදිරියට ආවා. මගේ තාත්තා එතන හිටියා. පොලිසියේ මහත්වරුන්ට මම ගොඩාක්‌ ස්‌තූති කරනවා. පොලිසියේ නිලධාරීන් නැතිනම් මට මොනවා වෙයිද දන්නේ නැහැ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button