පළකල දිනය : Sat, May 21st, 2016

විවාහ ගිවිස ගෑනීම වටින් පිටින් පිළිගත් මහේෂි

Maheshi Madushanka wedding photos gossip storyපසුගිය දින කිහිපයේම අන්තර්ජාලයේ කතා බහට ලක්වුන පුවතක් වුනේ මහේෂි මධුසංඛා ව්වාහ ගිවිස ගෑනීමට අදාල ඡායාරුප හුවමාරුවිම.. ප්‍රධාන වේබ් අඩවි සියල්ල මේ පුවත වාර්තා කර තිබුනත්.ෆේස්බුක් සටහනක් නිසා තනි තනි පුද්ගලයන් මෙහෙයවන වේබ් අඩවි විවිද පුවත් නිර්මාණය කර (තමන් පොර විමේ) වෑඩ සටහනක් කරගෙන ගියා.. මේ ආන්දෝලනාත්මක පුවත් නිසා ගොඩක් දෙනා මහේෂි පිළිබදව පුවත්වලට අවදානය යොමුකරගෙන සිටියා. ලක්බිම පුවත්පත වේත ලබාදුන් සාකච්චාවකින් මහේෂි සිය විවාහ ගිවිස ගෑනීම වටින් පිටින් කියා තිබුනේ මේ ආකාරයට…

තවත් ජනප්‍රිය යොවුන් නිළියකගේ ජීවිතයට මංගල සීනු හැඬවුණා කියලා අපට ආරංචි වුණා. ඒ සුබ මොහොත උදාවුණේ මහේෂි මධුසංඛාට. පසුගියදා මහේෂිගේ විවාහය ලියාපදිංචි කළා. ආරංචිය ලැබුණ හැටියේ මහේෂිට කතා කරලා අපි මේ ගැන විමසුවා.

“නිළියන් වෙඩින් ෆොටෝ එකකට හිටියම එයා බැන්දා කියලා කොහොමද හරියටම කියන්නේ. බැරි වෙලාවත් ඔය පින්තූර මම මියුසික් වීඩියෝ එකකට කරපු පින්තූර නම්?”

මහේෂි මහ හයියෙන් හිනාවෙලා ඒ විදියට කිව්වා.

“ආ එහෙනම් මේ ෆොටෝ මියුසික් වීඩියෝ එකට කරපු ඒවද? හරි අපි එහෙනම් ඒ මියුසික් වීඩියෝ එක ගැන කතා කරමු. කගෙද ඒ ගීතය?”

අපේ ප්‍රශ්නවලට මහේෂි පිළිතුරු දුන්නේ නැහැ. එක දිගට හිනාවුණා. හැබැයි ඉතින් අපිත් අපේ හරස් ප්‍රශ්න නතර කළේ නැහැ.

“ඔය උත්සවය ගත්තේ කොහෙද? කවුද ඒකට දායක වුණ අය?”
අපි කතාබහ වෙනතකට හැරවූවා.

“කොළඹ කාසි කලම්බු හොටෙල් එකේ තමයි ගත්තේ. සමහර අන්තර්ජාල වබේ අඩවිවල වැරදියට දින සඳහන් කරලා තිබුණට ඕක පැවතුණේ 12 වැනිදා. වෙඩින් ප්ලෑනර් ලසන්ත අයියා, රුචිර, ධනුෂ්ක අයියා මට ගොඩාක් උදව් කළා.”

මහේෂි තමන්ට ප්‍රේමවන්තයෙක් ඉන්න බව මාධ්‍යයට වසන් කළේ නැහැ. ඒත් පෙම්වතාගේ තොරතුරු ගැනයි, විවාහය ගැනයි මාධ්‍යයට වසන් කළා. ඒ වසන් කළ තොරතුරු නැවත හාරඅවුස්සන්න අපි උත්සාහ කළා.

“මගේ පෙම්වතා පසන්. එහෙම “Pegg” කියලා පාවහන් ව්‍යාපාරයක් තියෙනවා. එයා ගැන විස්තර දැනට ඒ ඇති. තව අවුරුදු තුනක් ඇතුළත මම විවාහ දිවියට ඇතුළත් වෙනවා. විවාහය ලියාපදිංචි කිරීමයි, විවාහ වෙලා ජීවිතේ අලුතින් පටන් ගැනීමයි කියන්නේ එකක් නමෛයි දෙකක්. මම මගේ ජීවිතේ අලුතින් පටන් ගන්නකොට ඒ අලුත් ජීවිතේ ගැන තොරතුරු වගේම මගේ පෙම්වතාගේ සියලු තොරතුරුත් කියන්නම්.” මහේෂි කතාබහ නිම කළේ ඒ විදිහට.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button