පළකල දිනය : Sat, May 21st, 2016

ගංවතුරෙන් බිළිඳෙකු හා මවක් බේරාගත් සංවේදී වීඩියෝව

gossipnewsකැලනි ගඟේ ජලය පිටාර ගැලීම හේතුවෙන් කොලොන්නාව, කඩුවෙල ආශ්‍රිත ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇත.

යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව කිසිදු භේදයකින් තොර ව අවතැන් වී සිටින සියලු ජනතාව බේරා ගැනීමේ කටයුතුවල නිරතවීම මේ දිනවල දී දක්නට ලැබෙන සුලබ දසුනකි.

මේ අතර ඉතා ම සංවේදී කාරණාවවක්වන්නේ එවැනි බේරා ගැනීමක් අතර සිදු වූ මවක් සහ බිළිඳෙකු බේරා ගැනීමේ සිදුවීමකි.

ගංවතුර හේතුවෙන් පීඩාවට පත් ව සිටින මවකට තම කිරිකැටි බිළිඳා ඇයට ගෙනවිත් දෙන වීඩියෝවක් ඒෂියන් මිරර් වාර්තාකරුගේ කැමරාවේ සටහන් වී තිබේ.

සහන සලසන කණ්ඩායම්වල පුද්ගලයින් විසින් ඇයගේ දරුවා බේරා දෙන බවට ඇයට පැවසුව ද ඇය තම දරුවා ලබාදෙන තුරු ම බෝට්ටුවේ අසුන් නොගනී.

එම සංවේදී වීඩියෝව පහතින්….

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button