පළකල දිනය : Thu, May 26th, 2016

මහ දවල් රූමතියක් පැහැරගෙන සමූහ දූෂණය කරලා

sad gossip news about young school girlකොළඹ පිටකොටුවේ රැඳී සිටි සූරූපි තරුණියක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර තිබේ.

19 හැවිරිදි එම තරුණිය ඇඟලුම් සේවිකාවක් බවත් ඇය ව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

අපනයන සැකසුම් කලාපයේ සේවයේ නියුතු එම ඇඟලුම් සේවිකාව වෙසක් පොහොයට සිය නිවසට ගොස් තිබේ. අපනයන සැකසුම් කලාපය ආසන්නයේ නේවාසික ව රැඳී සිටි ඇය 23 වැනි දා පස්වරුවේ නැවත සිය නේවාසිකාගාරය වෙත යාම සඳහා කොළඹ පිටකොටුවට පැමිණ තිබේ.

පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොල අසල රැඳී සිටිය දී ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනකු පැමිණ ඇය ව බලහත්කාරයෙන් පාලු ගොඩනැගිල්ලක් වෙත රැගෙන ගොස් දූෂණය කළ බවට ඇය රෝහල් පොලීසිය හමුවේ පවසා ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් පිටකොටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

  • 1.9K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button