පළකල දිනය : Fri, May 27th, 2016

නියෝජ්‍ය අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්ගේ බිරිද ගිනිතබාගෙන

lasantha-pereraවිදුලිබල හා පුනර්ජනිය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතාගේ සම්බන්ධිකරණ ලේකම් ලසන්ත පෙරේරා බිරිද පවුල් ආරවුලක් මත ගිනිතබා ගැනීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගොස් ඇත්තේ ගගනි ලංකාදාරී නමැති 30 හැවිරිදි එක්දරු මවකි. ඈය බණ්ඩාරගම රඹුක්කන ප්‍රදේශයේ රූප ලාවන්‍ය ශිල්පිනියක වශයේන් කටයුතු කර ඈත.

සම්බන්ධිකරණ ලේකම්වරයා සහ බිරිද අතර ගැටුමක් නිරාකරණය කිරීමට නොහැකිවීම හේතුවෙන් ඇය විසින් ගිනිතබාගෙන ඇති බව වාර්තාවේ.

ඇයගේ සිරුරට ගිනි ඇවිළී ඇත්තේ පසුගිය බදාදා(25) රාත්‍රියේ නිවසේ සිටියදීය. ඇගේ සිරුර ගිනි ගන්නා අවස්ථාවේ එය නිවන්නට උත්සාහ කළ සැමියාටද පිළිස්සුම් තුවාල ඇතිව තිබේ.

දෙදෙනාවම පානදුර රෝහලට රැගෙන යාමෙන් පසු බිරිය මියගිය අතර සැමියා තුවාල සහිතව ප්‍රතිකාර ලබමින් පසුවේ.

මේ සිදුවීමට අදාළ මරණ පරීක්ෂණයට රූපලාවන්‍ය ශිල්පිණියගේ පාර්ශ්වයෙන් මව හා සොයුරියන් පැමිණි නමුත් සැමියාගේ පාර්ශ්වයෙන් කිසිවෙකු පැමිණ නැත. මරණ පරීක්ෂකවරයා ඉදිරියේ වෛද්‍ය වාර්තා පිළිගන්නට බැරි බව මියගිය තැනැත්තියගේ මව කියා තිබේ.

මියගිය රූපලාවන්‍ය ශිල්පිනිය රෝහලට ඇතුළත් කරන්නට පෙර පිළිස්සුමට අමතරව සිරුරේ ලේගැලීම් සටහන්ව තිඛෙන බවත් ඒ ගැන වෛද්‍ය වාර්තාව සටහන් කර නැති බවත් කියූ ඇය මෙය මිනීමැරුමක් විය හැකි බව කියමින් ආවේගශීලී ලෙස හැසිරී තිබේ.

මරණයට හේතු විසඳාලන්නට මහේස්ත්‍රාත්වරයා වැඩිදුර පරීක්ෂණයක් නියම කර තිබේ 31 වෑනිදාට නැවත නඩු විභාගය කැඳවා ඇත.

  • 851
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button