පළකල දිනය : Fri, May 27th, 2016

දේවාරූඪයෙන් ශ්‍රාස්‌ත්‍ර කියලා කරන්න ගිය මහා විනාශයක තරම

Hit Gossip Story about dewalayaදේවාරූඪයෙන් ශ්‍රාස්‌ත්‍ර කියන බව කියන “සිඟිති” නමැති තරුණියක්‌ විසින් කෝටිපති ව්‍යාපාරිකයකු අනියම් ඇසුරක්‌ පවත්වන බවට එම කෝටිපතියාගේ තරුණ බිරිඳට කියන ලද ශ්‍රාස්‌ත්‍රයක්‌ හේතුවෙන් එම ව්‍යාපාරිකයාගේ බිරිඳ තුන්හැවිරිදි එකම පුතු සමඟ දුම්රියට පැන දිවිහානිකර ගැනීමට තැත්කිරීමේ පුවතක්‌ පිළිබඳව මීගමුව පොලිසියට ලද පැමිණිල්ලකින් අනාවරණය වේ.

මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අනුර අබේවික්‍රම, මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සමන්තිලක වැලිවිට යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය මත පැමිණිල්ල සම්බනධයෙන් මීගමුව සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ඩී. එම්. ඩී. සම්පත් දිසානායක සහ සැරයන් (7162) එස්‌. ඒ. අමරසිරි යන මහත්වරුන් විසින් සිදු කරන ලද මුලික විමර්ශනය අනුව එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ දෙහිවල ජයශ්‍රී මාවතේ පදිංචි 42 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයෙකි.

ඔහුගේ පැමිණිල්ල අනුව ඔහු සහ ඔහුගේ තරුණ බිරිඳ අතර අමනාපයක්‌ ඇතිවී ඔහු නිවසින් ආහාර ගැනීම නවතා දමා ඇත. මෙම තත්ත්වයට හේතුව තමා හා සැමියා විරසක කිරිමට කිසිවෙකු විසින් කොඩිවිනයක්‌ කර ඇති බවට ව්‍යාපාරිකයාගේ බිරිඳ විශ්වාසකර ඒ පිළිබඳව ශ්‍රාස්‌ත්‍රයක්‌ ඇසීමට මීගමුවට පැමිණ ඇත.

ඇය පැමිණ ඇත්තේ මීගමුව කෙළින් වීධියේ පදිංචි දේවාරූඪයෙන් ශ්‍රාස්‌ත්‍ර කියන බව කියන “සිඟිති” නැමති තරුණියක්‌ බවය. එහිදී ශ්‍රාස්‌ත්‍රකාරිය දේවරුඪයෙන් පවසා ඇත්තේ එම කාන්තාවගේ සැමියා තරුණියක සමඟ අනියම් ඇසුරක්‌ පවත්වා ඇයට අත දිගහැර මුදල් වියදම් කරන බවය.

එය දැඩි ලෙස විශ්වාස කළ එම තරුණ කත තම තුන් හැවිරිදි දරුවා සමඟ දුම්රියට පැන දිවි හානිකර ගැනිමට තැත් කළත් එම ප්‍රශ්නයට නෑ හිතවතුන් මැදිහත්වීම නිසා එම දිවි හානිකර ගැනීම හදිසියේ ව්‍යාර්ථවී ඇත.

ඉන් අනතුරුව ශ්‍රාස්‌තකාරිය පිළිබඳව තොරතුරු හෙළිවී කෝටිපති ව්‍යාපාරිකයා, ශ්‍රාස්‌ත්‍රරකාරියවෙත පැමිණ මේ පිළිබඳ සත්‍ය විමසා ඇත. එහිදී ශ්‍රාස්‌ත්‍රකාරිය දේවාරූඪයෙන්ම පවසා ඇත්තේ අත්වැරදීමකින් එම බොරුව කියූ බවය. ඊට සමාවන ලෙසටත් ව්‍යාපාරිකයා ගෙන් ඉල්ලූ බවත් පොලිසියේ පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම අසත්‍ය ශ්‍රාස්‌ත්‍රය නිසා තමන්ට බිරිඳත්, එකම දරුවාත් අහිමිවීමට ගිය බැවින් එම බොරු ශ්‍රාස්‌ත්‍රකාරිය පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක්‌ පවත්වා ඊට නීති මගින් සුදුස්‌සක්‌ කරන ලෙසට ව්‍යාපාරිකයා පොලිසියෙන් ඉල්ලා ඇත. මේ අනුව වැඩිදුර පරික්‍ෂණය සඳහා එසේ ශ්‍රාස්‌ත්‍ර කියන බව කියන “සිඟිති නමැත්තිය පොලිසිය වෙත කැඳවා ඇත.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button