පළකල දිනය : Fri, May 27th, 2016

වයසක අම්මා දෑස් නොපෙනෙන පුතෙක් ගැන කියන කදුළු කතාව

Sad Story of Mother and Son in thabbowa (2)පුත්තලම, තබ්බෝව ගොවි ජනපදයට අයත් තේවනුවර ප්‍රදේශයේ පදිංචි දෑස් නොපෙනෙන 66 හැවිරිදි පුතකු 106 හැවිරිදි වයෝවෘද්ධ තම මව රැකබලා ගනිමින් සෙනෙහස, දයාව, කරුණාව දක්වන අපූර්වතම පුවතක් වාර්තා වේ.

නූතන අජාසත්ත පරපුරේ මිනිසුන් සිටින මෙම කුරිරු සමාජයේ නිරන්තරයෙන් කතා බහට ලක්වන මාතෘ හිංසනය, මාතෘ ඝාතනය එසේත් නොමැති නම් අපයෝජන වැනි දෑ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අප නිරන්තරයෙන් අපව දැනුවත් කරන අවස්ථා අනන්ත අප්‍රමාණය.

එවැනි හිංසනයන්ට ගොදුරු වී දරු දැරියන්ගේ නොයෙකුත් කෙනෙහෙලිකම් විඳ දරා ගන්නා මවුවරුන් කෙතරම් සිටීද එවැනි කී දෙනෙකු නම් දුක් කඳුළු බොමින් ජීවිතයේ අපා දුක් විඳ බලූ‍ කූඩුවල ලගින්නේද?

තම දරුවන් විසින්ම දේපළ ඉඩකඩම් ලබා ගැනීමේ මුවාවෙන් එසේත් නොමැති නම් ඔවුන්ගෙන් සිදුවන කරදරය වසන් කිරීමට මහලූ‍ මඩම්, වැඩිහිටි නිවාස, අම්බලම් වැනි ස්ථාන වෙත රැගෙන ගොස් දැමීම වැනි අද අප රටේ බහුලව දක්නට ලැඛෙන ඇසෙන පුවත් අනන්තය.

නමුත් අද අප කතා බහ යොමු කරන්නේ දේපළ ඉඩකඩම් මිලමුදල් පසෙකලා වැදූ මව පිදූ අපූර්වතම පුතකු පිළිබඳවය.

ඩී.එම්. රංබණ්ඩා මහතා දරුණු හර්නියා රෝගයෙන් පෙළෙන අතර 66 වියේ පසුවන ඔහුගේ දෑස් නොපෙනෙන නමුත් 106 හැවිරිදි තම වයෝවෘද්ධ මව රැකබලාගැනීමට ඔහු කරන කැපකිරීම ප්‍රශංසනීයය.

තම කුසට ආහාර නැතත් මවගේ කුසගිනි නිවීමට මහත් ප්‍රයත්නයක් දරන මොහු කඩ වීදියක් වීදියක් පාසා ගමන් කරමින් ලැඛෙන මුදලින් මවගේ කෑමවේල ලබා දීමට කටයුතු කිරීම අගය කළ යුතුව තිබේ.

තවද දැඩි ලෙස ඔත්පළ තත්ත්වයේ පසුවන මව උණු දියෙන් නහවා සාත්තු සප්පායම් කිරීමට අමතක නොකරයි.

දැනට අන්ත අසරණ තත්ත්වයේ පෙළෙන මෙම දෙපළට වාසය කිරීමට ප්‍රමාණවත් නිවෙසක් නැත. වැසි සහිත කාලවලදී නිවෙස සම්පූර්ණයෙන් ජලයෙන් යටවෙද්දී කඩ වීදියක් වීදියක් පාසා අතපාමින් ලැඛෙන මුදලින් මවගේ කුස පුරවන මෙවන් පුතුන් මත බුදු වන යුගයක් උදා වේ යැයි යන්න ප්‍රදේශවාසීහු නිරන්තරයෙන් පවසති.

හැකි පම‚න් ආධාර උපකාරයක් කිරීමට කැමති ඔබට අවශ්‍යනම් තොරතුරු දැනගැනීමට සදහා 0719404560 හෝ 0712528797 යන දුරකථන අංක ඔස්සේ අමතා තොරතුරු දැන ගැනීමට හැකිව තිබේ.

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button