පළකල දිනය : Thu, Jun 2nd, 2016

ඉන්ස්ටර්ග‍්‍රෑම් පණිවිඩය නිසා තුර්කියේ රූ රැජිනකට ලැබුනු දඬුවම

collageජනපතිවරයා විවේචනය කරන ලද කවියක් හුවමාරු කිරීමේ වරදට තුර්කියේ රූ රැජිනකට ඊයේ මාස 14ක අත්හිටවූ සිරදඬුවමක් ලැබුණා.දඬුවමට ලක්වූණේ තුර්කියේ 2006 වසරේ රූප රැජින වූ මර්වි බුයුක්සරාක් නමැති 27 හැවිරිදි තරුණියයි.

ඇය ඇයගේ ඉන්ස්ටර්ග‍්‍රෑම් පිටුව හරහා තුර්කි ජනපතිවරණය පැවති 2014 කාලයේ තුර්කියේ අර්ඩොගන් ජනපතිවරයාව විවේචනය කළ කවියක් හුවමාරු කර තිබු අතර විශාල පිරිසක් නරඹන පිටුවක්ව තිබුණ නිසා එයින් ජනපතිවරයාට අපකීර්තියක් ඇතිවී ඡන්ද අඩුවූ බවත් ඇයට එරෙහි චෝදනා වලින් කියැවුණා.

මේ සම්බන්ධ ඇයට නඩු වැටුනේ ජනපතිවරණයද නිමවී වසරකට පසු 2015 දි.

එය දිගින් දිගටම විභාගවී ඇය සම්බන්ධ තීන්දුව නිකුත්ව තිබුනේ ඊයේ දවසේ.

මෙම චෝදනාව නිදහස් අදහස් ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියට පහරක් බව දක්වමින් පසුගිය කාලයේ යුරෝපීය මාධ්‍ය අතර විශාල කථාබහක්ද ඇති කර තිබුණා.

ඇය හුවමාරු කළ ඉන්ස්ටර්ග‍්‍රෑම් පණිවිඩය ඇය විසින් නිර්මාණය කරන ලද්දක් නෙමෙයි, එය නාඳුනන අයෙකු ඇය වෙත යොමු කර ඒ කෙරේ සිත්ගත් නිසා හුවමාරු කළ බව පමණක් ඇය අධිකරණයේදී කියා තිබුණා.

 

 

 

 

  • 453
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button