කෝටිපතියාගෙන් අඩනිරුවත් හින්දි නිළියකට කොළඹදී රන් මාළයක්‌

Gold Jewelleryඊයේ, එනම් ජුනි 4 වැනිදා සවස විශේෂ අමුත්තෙක්‌ ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවටසම්ප්‍රාප්ත විය. ඔහු ඉන්දියාවේ ජන හද දිනූ, ශ්‍රී ලංකාවේ තරුණියන්ගේ සහ ඇතැම් ධනවත් මැදිවියේ කාන්තාවන්ගේ ආදරය හිමිකර ගත් හින්දි සිනමා නළු විවේක්‌ ඔබෙරෝයි ය. එහෙත් පුරුදු පරිදි ඔබටත් මටත් ඔහු දැක ගැනීමට බැරි විය. එයට හේතුව ඔහු පැමිණියේ ධනවත් කෝටිපතියන් සමඟ රැයක්‌ ගත කිරීම සඳහා කොළඹ පිහිටි සුවිශාල කැසිනෝවකට ය. එම කැසිනෝ ක්‌ලබ් එක විසින් දැනට ඉන්දියාවේ පැවැත්වෙන IPL ක්‍රිකට්‌ තරගාවලියට සමගාමීව උත්සව පෙළක්‌ සංවිධානය කරනු ලැබ ඇත. එම උත්සව එම කැසිනෝවේ සුවිශාල බිත්තිවලට සීමා වූ අපූරු අබිරහස්‌ උත්සව ය. මේවා කොතරම් දැඩි නීති රීති යටතේ පැවැත්වෙන උත්සව ද යත් මුදල් ගෙවා ටිකට්‌ අරගෙනවත් ක්‌ලබ් එක තුළට ගොස්‌ එම උත්සව නැරඹීමට හෝ විවේක්‌ ඔබ්රෝයි හමුවීමට හෝ අපට නොහැක. එහෙත් ක්‌ලබ් එකේ සාමාජිකයන්ට මෙම උත්සවලට සහභාගි වීම පමණක්‌ නොව විවේක්‌ ඔබ්රෝයි තුරුළු කරගෙන එළිවනතුරු ඔහු සමඟ නැටීමට වුව හැකිය.

කැසිනෝ නීතිය එයයි. කැසිනෝව තුළට යැමට නම් ඒ තුළදී සූදු කෙළීම සඳහා ඔබට මුදල් තිබිය යුතුය. රුපියල් ලක්‍ෂ 5 ක්‌ පමණ අතේ තිබුණොත් ඉතාම හොඳයි. මේ අතර අද (05 දා) රෑ මේ කැසිනෝවට සුරූපි හින්දි නිළියක්‌ පැමිණෙන්නී ය. ඇගේ නම සොනාලි රවුත් ය. ඒ අතර සිකුරාදා (03 දා) රැයේ මෙහි පැමිෙණියේ ඩේසි ෂා නමැති බොලිවුඩ් නිළියයි. ක්‌ලබ් එකේ සාමාජික ප්‍රජාව ගැහැනු පිරිමි භේද නොසලකා එදා රැය පහන් කළේ ඇය සමඟ සෙල්ෆි ගනිමින් සහ නටමින් ය. රත්තරන් බඩු සාප්පුවක්‌ හිමි එක්‌තරා මහතෙක්‌ පවුම් 5 ක්‌ පමණ බර මාලයක්‌ ඇයට දැමුවේය. මේ සියල්ල සිදුවන අතර අරනායක කඳුකර ප්‍රදේශවල ජනයා සහ හන්තානේ කන්ද පාමුල වෙසෙන ජනයා කවර මොහොතක හෝ එම කඳු කඩා පහත් විය හැකි බවට කල්පනා කරමින් බියපත්ව වෙවුලමින් නිදි වර්ජිතව රැය පහන් කළහ.

කවුද මේ ඩේසි ෂා? ඉන්දියාව විසින් බිහි කරන ලද ඉතාම සරාගී නිළියක සහ නැටුම් ශිල්පිනියක වන ඩේසි ෂාගේ වයස අවුරුදු 32 කි. ඇය තවමත් අවිවාහක ය. වයස 19 දී, එනම් 2003 දී සල්මන් ඛාන් සමඟ නැටුමක්‌ ඉදිරිපත් කරමින් ‘තෙරේ නාම්’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඩේසි ෂා මේ වන විට ඉන්දියානු චිත්‍රපට 14 කට රංගනයෙන් දායක වී ඇත. ගනේෂ් ආචාරියා නමැති සුප්‍රකට නැටුම් ශිල්පියා යටතේ ඇය වසර 10 ක්‌ නැටුම් ශිල්පිනියක ලෙස කටයුතු කළාය. ඇයට මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාවක්‌ ද තිබෙන අතර ඉන්දියානු සිනමාවේ එවැනි චෝදනාවක්‌ ලැබූ එකම නිළිය ඇය ය. ඒ පිළිබඳ ඇති පොලිස්‌ පැමිණිල්ලට අනුව ඇය මරන්නට ගොස්‌ ඇත්තේ සත්යේJද්‍ර සිං නමැති නළුවෙකි. ලංකාව වැනි රටක ක්‌ලබ් එකක්‌ තුළ නටමින් රැයක්‌ ගත කිරීම සඳහා ඩේසි ෂා වැනි නිළියක්‌ අපේ රටේ මුදලින් රුපියල් විසිලක්‍ෂයක්‌ පමණ අයකරන බව දැන ගන්නට තිබේ.

දැනට 26 වැනි වියේ පසුවන අද රෑ කොළඹට එන සොනාලි රවුත් ඉන්දියාවේ සිටින අති ජනප්‍රිය මෝස්‌තර නිරූපිකාවකි. ඇය ඉන්දියාවේ සුප්‍රකට රූපලාවන්‍ය සමාගමක නිල නිරූපිකාව ලෙස කටයුතු කරන අතර එරට කිං ෆිෂර් සමාගමේ වාර්ෂික අඩ නිරුවත් කැලැන්ඩරයට පෙනී සිටීමෙන් මහත් සේ ජනප්‍රිය වූ තරුණියකි. මෙවැනි කැලැන්ඩර් කිරීමට ගොස්‌ නිළියන්ට මිලියන ගණන් ගෙවා බංකොලොත් වූ කිං µsෂර් අයිතිකාරයා වන විජය මල්ලියා ඉන්දියාවේ හතර වටේට පොලු තබා දැනට පිටරටකට පැන ගොස්‌ සැඟව සිටී. 2010 දී සිනමාවට පිවිසි සොනාලි තවමත් රඟපා ඇත්තේ බොලිවුඩ් චිත්‍රපට දෙකක පමණි. එහෙත් ඇය ඉන්දියානු ටෙලිවිෂන් මාලා නාටක විශාල ගණනක රඟපාමින් සෑම රාත්‍රියකම රූපවාහිනිය ඔස්‌සේ නරඹන්නන් හමුවන්නීය.

ඊයේ (4 දා) සවස කොළඹ කැසිනෝවට පැමිණි විවේක්‌ ඔබෙරෝයි සුවිශාල ජනප්‍රියත්වයක්‌ හිමි නළුවකු වන අතර, හතළිස්‌ හැවිරිදි වියේ පසුවෙයි. 2002 දී බොලිවුඩ් සිනමාවට පිවිසි ඔහු බොලිවුඩයේ සුප්‍රකට චරිතාංග නළුවකු වන සුරේෂ් ඔබ්රෝයිගේ පුත්‍රයා ය. ඔහු මේ වන විට චිත්‍රපට 33 ක රඟපා ඇත. රංගනය සඳහා සම්මාන 14 ක්‌ දිනාගෙන ඇත. ස්‌පයිඩර් මෑන් 2 චිත්‍රපටයේ හින්දි පිටිපත්වල ස්‌පයිඩර්මෑන්ට හඬ කැවුවේ ඔහු විසිනි. ඔහු ඓශ්වර්යා රායිගේ හිටපු පෙම්වතෙකි. ලෙස සැලකේ. එම ප්‍රේම සම්බන්ධය පවතින අතර ඓශ්වර්යාගේ ප්‍රථම පෙම්වතා වූ සල්මන් ඛාන් ඔහුට දුරකථනයෙන් තර්ජනය කළ බව දැන ගන්නට තිබේ. විවේක්‌ පිළිබඳව තිබෙන ඊළඟ පුවත වන්නේ සාදයකදී තරුණියක්‌ විසින් ඔහුට කම්මුල් පහරක්‌ දෙන ලද බවය. ඒ ඔහු එම තරුණිය සිප ගැනීමට යැමේදීය. එහෙත් විවේක්‌ මේ චෝදනාව ප්‍රතික්‍ෂේප කර ඇත. ඔහු එක්‌ චිත්‍රපටයක රඟපෑමට ඉන්දියන් රුපියල් කෝටි 4 ක්‌ අය කරයි. එය ලංකාවේ මුදලින් රුපියල් කෝටි 12 ක්‌ හා සමානය.

මුලාශ්‍ර – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button