පළකල දිනය : Tue, Jun 7th, 2016

කුණුහරුප වපුරමින් හමුදාවටත් අණදුන් බේකරිහිමිකරු

Try to Enter Closed Area Salawa Campකොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරීම හේතුවෙන් මේ වනවිටද කඳවුර අවට ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර තිබේ. එසේ සිවිල් ජනතාවගේ ආරක්ෂාව උදෙසා ආරක්ෂක අංශ කටයුතු කරද්දී හමුදා නිලධාරීන්ට බලපෑම් කරමින් අදාල ප්‍රදේශයට ඇතුළුවීමට සුපිරි ජීජ් රියකින් ඊයේ (06) පැමිණි පිරිසක් උත්සාහ කරනු ලැබුවා.

ජනතාවට ඇතුළුවීමට අවසර නොදෙන කලාපයේ තමන් සතු බේකරියක් ඇතැයිද, එම බේකරිය බැලීමට තමාට සහ තමන් සමග පැමිණි පිරිසට යාමට ඉඩ දෙන ලෙසද අදාල පුද්ගලයා හමුදා නිලධාරීන්ට බලපෑම් කළා. හමුදා නිලධාරීන් එම පුද්ගලයාට අදාල අවසරය නොදුන් විට, ඔහු තම ජංගම දුරකතනයෙන් කිසිවෙකුට ඇමතුමක් ගෙන හමුදා නිලධාරීයාට ලබා දුන්නා.

මෙම සිදුවීම් රූගත කළ ජනමාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියෙකුට අදාල පුද්ගලයා සහ ඔහු සමග පැමිණි අයෙක් තර්ජනය කරමින් කියා සිටියේ අදාල වීඩියෝව මකා දමන ලෙසයි. මෙහිදී එම පිරිස අදාල කැමරා ශිල්පියාට දිගින් දිගටම අසභ්‍ය ලෙස බැන වදිනුද දක්නට ලැබුණා.

ජීප් රියේ අසුන්ගෙන සිටින්නේ බේකරියක් හිමිබව පැවසූ පුද්ගලයාය. අනෙක් තැනැත්තා ගමේ අයෙක් බව පවසමින් තර්ජනය කළ පුද්ගලයායා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button