පළකල දිනය : Mon, Jun 13th, 2016

කරන්දෙණියේ මව සහ පුතු ඝාතනයක්දැයි සැකයක්

gossipnews report from Karandeniyaකරන්දෙණිය දංගහවිල සෙක්කුගලවත්තේ නිවෙසක පදිංචිව සිට පසුගිය නවවැනිදා රාත්‍රියේ නිවෙසින් බැහැර ගිය බව කියන හැට නව හැවිරිදි මවගේ සහ විසි නවහැවිරිදි ඇගේ පුතාගේ මළ සිරුරු ඊයේ (12දා) පෙරවරුවේ ප්‍රදේශවාසීන් සහ පොලිසිය විසින් සොයා ගත් බව කරන්දෙණිය පොලිසිය පැවැසුවේය.

මවගේ මළ සිරුර නිවෙසේ සිට මීටර් පන්සියයක් පමණ අෑතින් කුරුඳු කැලයක තිබී සොයා ගෙන තිබේ. ඇය සිරුරට ගිනි තබා ගෙන සිය දිවි හානිකර ගන්නට ඇතැයි පොලිසිය සැකකරයි. ඇයගේ පුතාගේ මළ සිරුර නිවෙසේ සිට මඳක් අෑතින් තිබෙන දිය ඇළක තිබී සොයා ගෙන තිබේ. මේ මළ සිරුරු දෙකම බෙහෙවින් නරක් වී තිබුණු බවද පොලිසිය සඳහන් කෙළේය.

මේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ හේවගේ වීසල් නමැති හැට හැවිරිදි කාන්තාවක් සහ කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන ගිය ඇගේ පුතකු වන පුංචියා හකුරු කැලුම්
පුෂ්පකුමාර නමැති විසි නව හැවිරිදි තරුණයෙකි. මියගිය මේ දෙදෙනා සහ තවත් දුවලා දෙදෙනකු මේ නිවෙසේ එකට පදිංචි වී සිට ඇති බවත් පසුගිය නව වැනි දින රාත්‍රියේ මේ දෙදෙනා සහ දුවලා දෙදෙනා අතර බහින්බස් වීමක් සිදු වී ඇති බවත් ඉන් කෝපයට හා කලකිරීමට පත් මේ මව සහ පුතා එදිනම රාත්‍රියේ නිවෙසින් බැහැරව ගොස් ඇති බවත් ඉන් අනතුරුව පසුගිය දහ වැනිදා දුවලා දෙදෙනා විසින් සිය මව හා සොහොයුරා සොයා ගැනීමට නොහැකි බව පවසමින් කරන්දෙණිය පොලිසියට පැමිණිලි කොට තිබූ බවත් පොලිසිය කියයි.

මහෙස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මළ සිරුරු ඇල්පිටිය රෝහල වෙත රැගෙන යෑමට නියමිතව තිබිණි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් කරන්දෙණිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රශන්ත මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button