සිසුන් මත් කරන ”මාවා” කොළඹ ආක්‍රමණය කරපු හෑටි මෙන්න

Gossip Story of “ Mawa ” to Colombo School boysපාසල් සිසුන්ට කංසා මිශ්‍ර ”මාවා” නමැති මත්ද්‍රව්‍යයක් විකිණිමේ ජාවාරමක් පාසල් සිසුන්ගේ වෙස්ගත් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් වැටලීමට සමත් වී තිබේ.

ජාවාරම පවත්වාගෙන ගොස් තිඛෙන්නේ කොළඹ නගරයේ ප්‍රසිද්ධ විද්‍යාලයක් ආසන්නයේය.මීට දින කීපයකට පෙර ”මාවා” නමැති මත්ද්‍රව්‍ය පාසලට රැගෙන එන සිසුන් කීපදෙනකු සම්බන්ධයෙන් වලානදූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලබාදුන් තොරතුරක් මත ඊයේ දහවල් මේ ස්ථානය වැටලු බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එම පාසලට මීටර් 150ක් දුරින් පෙට්ටි කඩයක් වෙත ගිය පාසල් සිසුන් ලෙස වෙස්වළා ගත් පොලිස් නිලධාරීන් කීපදෙනකු මාවා නමැති මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට කටයුතු කළ අතර එහි තිබී මාවා මත්ද්‍රව්‍ය කිලෝ 2ක් සමඟ 46 හැවිරිදි සැකකරුවකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මාවා මත්ද්‍රව්‍ය දුම්කොළ නිෂ්පාදනයක් ලෙස ගෙනැවිත් පෙට්ටි කඩවලදී ඒවා කංසා ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය කලවම්කර විටක් ලෙස ඒවා පාසල් සිසුන්ට විකුණන බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මේ දුම්කොළ නිෂ්පාදනද දුම්කොළ බදු පනත සහ දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනතේ විධිවිධාන හා වගන්ති උල්ලංඝනය කරමින් සැකකරු ක්‍රියාකර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

සැකකරුට විරුද්ධව විස වර්ග අබිං සහ අන්ත්‍රාදායක ඖෂධ ආඥාපනත (2) 1999 අංක 8 දරන දුම්කොළ බදුපනත සහ 2006 අංක 27 දරන දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ පනත යටතට ගැනෙන වගන්ති යටතේ නඩු පවරන බව පොලිසිය පැවැසීය.

පාසල් ආශ්‍රිතව සිදු කෙරෙන මේ මාවා මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

  • 801
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button