පළකල දිනය : Tue, Jun 14th, 2016

බුදු පිළිමයක වසර දෙදාහකට වරක් පිපෙන දුම්බරා මල් පිපිලා

Rare Buddhist Flower Udumbara Seen In Godakawelaගොඩකවෙල අටකලම්පන්න කවුඩුවාව ප්‍රදේශයේ ත්‍රී රෝද රථයක ඇති බුදු පිළිමයක උදුම්බරා මල් වැනි යමක් දක්නට ලැඛෙන බවට ප්‍රදේශවාසීන් පවසනවා.පෙරේදා සවස මෙම සිදුවීම මුලින්ම දැක ඇත්තේ ත්‍රී රෝද රථයේ හිමිකරු විසින්.

නිවසේ නවතා තිබු ත්‍රී රෝද රථයේ ඇති බුදු පිළිමයේ ඇති මෙම අසාමාන්‍ය සිදුවීම දුටු ඔහු විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා දැනුවත් කර තිඛෙනවා.

අනතුරුව එම ස්වාමීන් වහන්සේලා ද ප්‍රකාශකර ඇත්තේ බුදු පිළිමයෙන් දර්ශණය වන මල් උදුම්බරා මල්වලට සමානත්වයක් දක්වන බවයි.මෙම සිදුවීම දැකබලා ගැනීමට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් අදාළ ත්‍රී රෝද රථය නවතා ඇති නිවසට පැමිණෙන බව වාර්තා වේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button