පළකල දිනය : Sat, Jun 18th, 2016

කාමතුරයන්ට හසුවූ තවත් පාසැල් දැරියක් මරු තුරුලේ

Young School Girl killed at Mahiyanganaමහියංගන, රිදිමාලියද්ද මොරාන ගම්මානයේ වයස අවුරුදු 09ක පාසැල් දැරියක් පාසැල නිමවී ඇයගේ නිවස බලා යමින් සිටියදී කැලයට රැගෙන ගොස් මරා දමා තිබෙනවා.

සිරුර ඇලක තිබී ඊයේ (17) සවස 4.30ය පමණ සොයාගත් බව මහියංගන පොලිසිය පවසනවා. එම දැරිය දුෂණය කර දැරිය මරා දමන්නට ඇතිදැයි සැක කරන බව පොලිසිය පවසනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ එච් එම් මල්කි සඳමාලි ප්‍රේමසිරි නැමැති වසය අවුරුදු 09ක් වු කුඩාලුණුක කණ්ෂ්ඨ විද්‍යාලයේ 04 ශ්‍රේණියේ ඉගෙනුම ලැබු දැරියකි.

යල්වෙල, කුඩාලුණුක සිට ඇය පාසැල නිමවී කිලෝමිටර් 3ක් පමණ පාගමනින් මොරාන දක්වා පැමිනෙන අතර වෙනදා මල්කි දැරිය පාසැල නිමවී නිවසට පැමිනෙන වේලාවට දැරිය නිවසට පැමිණ නොසිටි බවයි පැවසෙන්නේ.

ගම්වාසින් සමග දෙමාපියන් ඇය පැමිණෙන මොරාන කුඩා ලුණුක මාර්ගය පරික්ෂා කර බැලීමේ දී මාර්ගයේ එක් ස්ථානයක කැළය දෙසට සැකකටයුතු බයිසිකල් රෝදපාරක් තිබු බවත්, ඒ දෙසට ගහ කොළ තැලී පොඩි වි තිබිම හේතුවෙන් පිරික්සිමේදි ඇයගේ නිසල දේහය ගම්වාසින් විසින් සොයාගෙන ඇති බවත් වාර්තා වනවා.

 

 

 

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button