පළකල දිනය : Sat, Jun 25th, 2016

අලීසා ඛාන් පෙම්වතා සමඟ ඉන්න අසභය වීඩියෝව පත්තුවේයි

Alisa Khan Trolls Streets Of Delhi After Being Evicted By Her Family‘මයි හස්බන්ඩ්ස් වයිෆ්’, ‘ආයිනා’ ඇතුළු චිත්‍රපට කිහිපයක සහ ගීතමය වීඩියෝ දර්ශන කිහිපයක රඟපා ඇති අලිසා, ජනප්‍රිය නිළියක වන්නට පෙරුම්පුරමින් සිටින යුවතියක්‍. ඇය රඟපෑ ‘ආයිනා’ චිත්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිතයි. එහි ඇය රඟන්නේ ජනප්‍රිය නළු එම්රාන් හෂ්මි සමඟයි.

පසුගියදා අලිසාට මුහුණ දෙන්නට සිදුවුණේ ඇය සිහිනෙන්වත් නොසිතූ ඉරණමකට.‍ ඇයව නිවෙසින් පන්නා දැමීමට ඇගේ දෙමව්පියන් කටයුතු කළා. ඒ එක්තරා වරදක් හෙළිවීම නිසා. වරද සටහන් වුණේ අන්තර් ජාලයට එක්වූ වීඩියෝ දර්ශනයකයි. එහි දැක්වුණේ අලිසා සිය පෙම්වතා සමඟ ප්‍රේමයෙන් වෙලී සිටින දර්ශනයක්. මෙය දුටු ඇගේ මවත් පියාත් වහාම ඇයව නිවෙසින් එළියට ඇද දැමුවා.

ඉන් පසුව මේ අංකුර බොලිවුඩ් නිළියට යන එන මං නැතිවුණා. ඇය, තම යහළු යෙහෙළියන්ගේ නිවෙස් වල ලැගුම් ගත්තා. එම නිවෙස්වල දිගින් දිගටම රැඳී සිටීමේ හැකියාවක් ඇයට තිබුණේ නැහැ. ඒ නිසා විටෙක ඇය ආගමික සිද්ධස්ථානවල ද රැඳී සිටියා. තවත් විටෙක ඇය දිල්ලි නුවර වීථිවල ඉබාගාතේ ඇවිද ගියා. දිල්ලියේ ග්‍රේට්ර් කයිලාෂ් ප්‍රදේශයේ තමයි ඇය නිතරම සැරිසැරුවේ. දැන් ඇය ගත කරන්නේ සරණාගත තරුණියක විලසින්‍. කිසිදු ඥාතියෙකු, හිතවතෙකු හෝ හිතවතියක ඇයට උදව් උපකාර කරන්නේ නැහැ.

අලිසාට මේ කටුක අත්දැකීම උරුම කළ වීඩියෝව අන්තර් ජාලයට මුදාහැර ඇත්තේ ඇගේ පෙම්වතා බවයි පැවසෙන්නේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button