අම්පාරේ පෙම් හබය මරණයෙන් කෙළවර වුන හෑටි

Gossip News Story young teacher killed in Amparaඅම්පාර කොණ්ඩුවටවාන වැව අසළ දී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක ඝාතනය කර තිබේ.

අද උදෑසන එම ඝාතනය සිදුව ඇති අතර ඝාතනය සිදුකළ පුද්ගලයා ද වස පානය කර සියදිවි හානිකර ගැනීමට උත්සාහ දරා ඇති බව අම්පාර පොලීසිය සඳහන් කළේය.

ප්‍රේම සම්බන්ධයක් මුල්කරගනිමින් දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුව ඇති අතර එහිදී පිරිමි පුද්ගලයා විසින් කාන්තාවට තියුණු ආයුධයකින් පහර දී ඇති බව සඳහන්ය.

අනතුරුව එම පුද්ගලයා වස පානය කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

පහරකෑමට ලක්වු කාන්තාව එම ස්ථානයේදිම මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි කාන්තාවක් බව සඳහන්ය.

සැකකරු අම්පාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button