පළකල දිනය : Mon, Jun 27th, 2016

පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කළ අම්පාරේ තරුණයා සිද්ධිය වූ තැනදී කියපු කතාව

young girl amparaමැරෙන්න තමයි බිව්වේ සර්…

අනේ මගේ දුවට මොකද කළේ..?

ප්‍රේම සම්බන්ධයක් නිසා තරුණියකගේ ගෙල කපා ඝාතණය කළ තරුණයා සිද්ධිය වූ ස්ථානයට ඊයේ පෙරවරුවේ රැගෙන විත් තිබුණා.

ඔහුගේ පිහි පහරට ලක්ව ජීවිතයෙන් සමුගත්තේ අම්පාර- සේනාගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණියක්.

ඇය අම්පාර – මායාදුන්න විද්‍යාලයේ ගුරුවරියක් ලෙස සේවය කර තිබුණා.

ඝාතනය සිදුකළ බවට සැක කෙරන පුද්ගලයා මහනුවර – හුන්නස්ගිරිය ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික බස් රථ සහයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙක්.

ඔවුන් දෙදෙනා කලක පටන් පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, පසුව ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකළ බවට පොලිසිය සැකපල කර තිබුණා.

ඊයේ පෙරවරුවේ තරුණිය හමුවීමට බව පවසමින් සිය නිවසින් පැමිණ ඇති තරුණයා පෙරවරු 9 ට පමණ තමා සේවය කරන බස් රථයේ රියදුරුට දුරකතන ඇමතුමක් ලබාදී තමන් වස පානය කළ බවත් පොලිසිය සමග අම්පාර කොණ්ඩුවටුවාන ප්‍රදේශයට පැමිණෙන ලෙසත් පවසා තිඛෙනවා.

අනතුරුව රියදුරා අම්පාර පොලිසියට ඒ බව දැනුම් දී පොලිසිය සමග එම ස්ථානයට යන විට තරුණියගේ ගෙළ කපා ඝාතනය කර අදාළ තරුණයා ද වස පානය කර සිටින අයුරු දක්නට ලැබී තිබුණා.

ඊයේ පෙරවරුවේදී සිද්ධිය වූ ස්ථානයට පොලිසිය විසින් අදාල සැකකාර තරුණයාව රැගෙන විත් තිබුණා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button