අයේෂා මනාලියක් වේන්න කළින් රුවන් එක්ක මරුතුරුලට ගිය හෑටි

gossipඅනුරාධපුර පැරණි නගරයට නුදුරු බණ්ඩාරබුලන්කුලම වැවේ ඔරු පැදීමට ගිය තරුණ යුවළක් මියගොස් තිබෙනවා. මෙසේ මරණයට පත්වුණේ 21 හැවිරිදි හා 19 හැවිරිදි වියේ පසු වූ පෙම්වතුන් යුවලක්.

අනුරාධපුර බණ්ඩාරබුලන්කුලම වැවේ ඔවුන් ඔරු පැදීමට ගොස් ඇත්තේ ඊයේ පස්වරු 6.30 ට. වැව මැදදී ඔරුව පෙරලී ඇති අතර ඒ බව දුටු කුඩා දරුවෙකු ගම්මුන්ට දන්වා තිබෙනවා. ඊයේ රාත‍්‍රී 11 පමණ වනතුරු ඔවුන් පිළිබඳ තොරතුරක් සෙව්වද හමු වී නෑ. අද පෙරවරු 8.30 ට පමණ නැවත ඔවුන්ගේ සිරුරු සෙවීම ආරම්භ වූ අතර පැයක් ඇතුලත ඔවුන්ගේ සිරුරු ප‍්‍රදේශවාසීන් සහ පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සොයා ගැනීමට සමත් වුණා.

මෙසේ මරණයට පත්වූ 21 හැවිරිදි තරුණයා බණ්ඩාරබුලන්කුලම ප‍්‍රදේශයේම පදිංචි අයෙක්. ඔහුගේ 19 හැවිරිදි පෙම්වතිය යාය 12 මහ අඹගස්වැව ප‍්‍රදේශයේ පදිංචිව සිටියා. අදාල තරුණිය පසුගියදා තරුණයා විසින් නිවසට කැඳවාගෙනවිත් තිබුණු අතර ඔවුන් හෙට දිනයේ විවාහ ගිවිස ගැනීමට නියමිතව සිටි බවයි තරුණයාගේ ඥාතීන් පවසන්නේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button