පළකල දිනය : Mon, Jul 4th, 2016

3D වලින්ප්‍රහාරක ගුවන් යානා ‘වගා කිරීමේ’ උත්සහයක්

world-gossip-newsමෙය ඇතැම්විට විද්‍යා ප්‍රබන්ධ කතාවක් ලෙස පෙනීයා හැකිය, නමුත් බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් පිරිසක් දැනටමත් කාලය, දැනුම සහ මුදල් යොදවමින් සිටින්නේ ඒ සඳහායි.

බ්‍රිතාන්‍ය ප්‍රහාරක ගුවන් යාන දැනටමත් 3D මුද්‍රණ යන්ත්‍ර මගින් නිමවූ අමතර කොටස් භාවිතා කරයි.

පර්යේෂකයන් උත්සාහ කරන්නේ වැඩි දියුණු කළ එම තාක්ෂණය උපයෝගී කරගනිමින් ප්‍රහාරක ගුවන් යානා නිපදවීමටයි.

මෙම තාක්ෂණයේ ප්‍රතිලාභය වන්නේ ගැටුම පවතින යුද බිමට ආසන්නයේ තැනක සිට ක්ෂණිකව නිපදවන ප්‍රහාරක යානා මගින් සතුරාට පහර දීමට හැකිවීමයි.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලී ක්‍රොනින් මෙම 3D මුද්‍රණ තාක්ෂණය තවත් ඉහල නංවා නව අත්හදා බැලීමක් කරමින් සිටී.

බ්‍රිතාන්‍ය ගුවන් හමුදා ඉංජිනේරුවන්ගේ (BAE Systems) සහය ලබාගනිමින් මහාචාර්යවරයා “chemputer” නමින් අත්හදා බලමින් සිටින නව තාක්ෂණය අනුව විද්‍යාගාරයක් තුළ දී කුඩා ප්‍රමාණයේ ප්‍රහාරක ගුවන් යානා ‘වගා කිරීමේ’ හැකියාව ලැබෙනු ඇති බවයි අපේක්ෂා කරන්නේ.

ඒ අනුව 3D මුද්‍රණ යන්ත්‍රය භෞතික වශයෙන් යානා කොටස් නිපදවන අතර “chemputer” (කෙම්පියුටරය) මොලකියුලා මට්ටමින් රසායනික ප්‍රතික්‍රියාව වේගවත් කරවනු ලබයි.

මේ නව ක්‍රමය සාර්ථකවීමෙන් පසු මේ දක්වා වසර ගණනක් හෝ මාස ගණනක් වූ ගුවන් යානයක් නිපදවීමේ කාලය සති ගණනක් දක්වා අඩු විය හැකිය.

මෙම ක්‍රියාවලිය දැක්වෙන ‘ඇනිමේෂන් වීඩියෝව’ ස්ටාර් වොර්ස් චිත්‍රපටයේ “Attack of the Clones” දර්ශනයට සමාන වන බවයි පැවසෙන්නේ.

කෙසේවුවද රසායනික ප්‍රතික්‍රියාවකින් ඉතා කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක් වුවද නිපදවීම ‘දැඩි අභියෝගයක්’ බව මහාචාර්ය ක්‍රොනින් ද පිළිගනියි.

එහෙත් ඔහු පවසන්නේ ඩිජිටල් ගැලපීමේ ක්‍රමවේදය මගින් ගුවන් යානාවේ ඉතා සංඛීර්ණ කොටස් එකට එකතු කිරීම අනාගතයේ දිනක මිනිස් ශ්‍රමයක අවම දායකත්වයෙන් සිදු කළ හැකි වනු ඇති බවයි.

කුඩා බ්‍රිතාන්‍ය සමාගමක් වන ‘රියැක්ෂන් එන්ජින් ලිමිටඩ්’ ආයතනය දැනටමත් ඉතාමත් අධික වේගයක් (Hypersonic speed) ඇති රොකට්ටුවක් නිෂ්පාදනය කරමින් සිටියි.

මෙම අධික වේගය (Hypersonic speed) අර්ථ දක්වා ඇත්තේ ‘මැච්’ඒකක 5 ට වැඩි වේගයක් ලෙසටයි (‘මැච්’ එකක් යනු පයට කි.මී. 760 කි )

බ්‍රිතාන්‍ය ගුවන් හමුදා ඉංජිනේරු පද්ධතිය (BAE Systems) බලාපොරොත්තු වන්නේ රොකට්ටුවකට වඩා වේගයෙන් පියාසර කළ හැකි හමුදා ප්‍රහාරක යානයක් නිර්මාණය කිරීමටයි.

ඒ සඳහා දැනටමත් පවුම් මිලියන විස්සක් ආයෝජනය කර ඇති බවත් වාර්තා වී තිබේ.

ඉතා අධික වේගයෙන් අහසේ ඉතා ඉහලින් පියාසර කිරීමෙන් ගුවන් ආරක්ෂක ක්‍රමවේදයන් මගහැර යාමට මෙන්ම ගුවන් යානා නාශක මිසයිල් වලින් බේරී සිටීමේ හැකියාවද ලැබෙන බවයි පැවසෙන්නේ.

මේ ක්‍රමය පිළිබඳව ඔවුන් නිපදවා ඇති ඇනිමේෂන් වීඩියෝවක දැක්වෙන ආකාරයට සැතපුම් දහස් ගණනක් ඈත සිටින භට කණ්ඩායම් වලට සහය දීම සහ බෝම්බ හෙලීම වෙනුවට ඉතා කුඩා ප්‍රහාරක යානා මුදා හැරීම වැනි ක්‍රම යොදාගැනීම සිදුවේ.

3D මුද්‍රණ තාක්ෂණය දැන් යුද හමුදා තුල බෙහෙවින් භාවිතා වන තාක්ෂණයක් වන අතර ඇතැම් ඇමරිකානු ප්‍රහාරක යානා තුළ දැනටමත් එවැනි මුද්‍රණ යන්ත්‍ර සවි කොට තිබේ.

ලෝකය පුරා හමුදාවන් දැන් මිනිසුන් රහිත ප්‍රහාරක යානා භාවිතයට මෙන්ම ස්වයං පාලක යානා මුහුද, ගොඩබිම සහ අහසේ සිට කරන ප්‍රහාර සඳහා යොදා ගනිමින් පවතී.

ඇමරිකානු ගුවන් හමුදාව දැන් ප්‍රහාරක ගුවන් නියමුවන්ට වඩා බඳවා ගන්නේ නියමුවන් රහිත යානා හසුරුවන පුදගලයන්ය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button