පළකල දිනය : Thu, Jul 7th, 2016

හිටපු ආබාධිත හමුදා සෙබළාගේ දරු පවුල නෑති බෑරිකම නිසා මහ මගට

Gossip News About Disabled army soldier family in Kataragama (1)මුදල් අගහිගකම් වගේම නැති බැරිකම් වැඩි වුනාම හුගක් අය කරන්නේ දිවි අහිමි කරගන්න එක හරි මහ පාරට වැටෙන එකයි.

ඒත් ඒ වගේ කතාවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වුනු සංවේදී කතාවක් මේ දවස් වල කතරගම කිරිවෙහෙරට යන එන අයට දකින්නට අහන්නට ලැබෙනවා.

අනුන්ගේ දුක විකුණාගෙන කෑමට නෙමෙයි අපි මේ සංවේදී කතාව ඔයාලට කියන්නේ මව්පියන්ගේ අගහිගකම් නිසා මේ වගේ අසරණ වුනු පුංචි මල් වැනි දරුවන්ට වෙලා තියෙන දෙයින් ගොඩ එන්න ක්‍රමයක්, මගක් පාදා දෙන්න පුළුවන් නම් එයාලට ලොකු උපකාරයක් වෙන නිසයි.

පුංචි දරුවන් පස්දෙනෙකු එකක් මේ අම්මා මෙට්ටයක් ගෙනැවිත් දාගෙන ගිනිඅව්වේ පිච්චි පිච්චි ඉන්නේ තමන්ගේ නැති බැරිකම නිසයි.

මාස 14ක් වුනු තුන් නිවුන් දැරියන් වගේම තවත් දරුවන් දෙන්නෙක් එක්ක කෑමට බීමට මොනවහරි එකතු කරමින් ඉන්නවා.

මේ දරුවන්ගේ පියා තණමල්විල පදිංචි අවුරුදු 43ක් වන හිටපු ආබාධිත හමුදා සෙබළෙක්.

මේ සෙබළා වාලච්චේනේදි කොටි ප්‍රහාරයක් ලක්වෙලා තමයි ආබාධිත තත්ත්වයට පත්වුනේ.

ඊට පස්සේ විනය හේතුවක් නිසා 2010 අවුරුද්දේ මෙයාව යුද හමුදාවෙන් ඉවත් කරන කොට යුද හමුදාවේ සාජන් මේජර්වරයෙක්.

දැන් මේ පියාට ස්ථීර රැකියාවක් නැහැ.

කිරිපිටි පැකට් එකක් වත් මිලට ගන්න බැරිව ඉන්න මෙයාලට ගමේ සායනයෙන් ත්‍රිපෝෂ පැකට් එකවත් නිසි විදිහට ලැබෙන්නේ නැහැලු.

ඉතිං මේ පුංචි දරුවන් වෙනුවෙන් උදව්වක් කරන්න කැමති අය ඉන්නවා නම් මේ දරුවන්ගේ පියාට කතා කරන්න පුළුවන්.

ඔහුගේ දුරකථනය අංකය තමයි මේ 0779 143 174

 

 

 

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button