පළකල දිනය : Tue, Jul 12th, 2016

හෙට මගේ මළගෙදර එන්න කියා බුකියේ ලියා දිවිනසාගත් පෙම්වතා

Sad Gossip Story After Love Failure In Polgahawelaමිනුවන්ගමුව උඩුපිටියේ පදිංචි චමින්ද තුසිත කුමාර නමැති ඔහු කැලණි සරසවියේ උපාධිධාරියකු වන අතර සරසවියෙන් පිටවූ පසු හෝටල් කළමනාකරණය හදාරා ප‍්‍රකට හෝටල් ජාලයකට සම්බන්ධවී අරක්කැමියෙකු ලෙස සේවය කරමින් සිටි අයෙකි.

පසුගිය සෙනසුරාදා හැන්දෑවේ 6.08 ට තැබූ ඔහුගේ ෆෙස් බුක් සටහනක් වූයේ,‘මගේ එෆ්බී යාළුවනේ මම අදින් එෆ්බී එකින් නවතිනවා.ඔයාලා හැමෝටම සුබ අනාගතයක්’ යන්නයි.

ඔහු එසේ දැමූ පණිවිඩයට විවිධ අය ඇයිද යනුවෙන් විමසා පිළිතුරු දුන් පසුව ඔහු ඒවාට ප‍්‍රති පිළිතුරුද හතරක් පහක් පමණ සපයා කියා තිබුනේ අපේ ගෙදර හෙට එන්න.මේක ප‍්‍රශ්න ගැන කියන අවස්ථාව නෙමේ ලෙසිනි.

පසුවදා උදේ 5.39 ට ඔහුගේ අවසන් පණිවිඩය ‘හෙට මගේ මළගෙදර එන්න’ යනුවෙන් සටහන්වී තිබුණි.

එසේ ලියා තැබූ ඔහු දුම්රියට පැන සියදිවි නසාගෙන තිබුණ බව පසුව හෙළි විය.

ඔහුගේ පෙම්වතිය බව කියන වෛද්‍ය සිසු තරුණියක සමග ඇතිවූ කථාබහකින් පසු කළකිරී ඔහු අවසන් දවසේ බීමත්ව සිටි බවත් පසුදා දුම්රියට පැන දිවි තොරකරගෙන ඇති බවත් ලැබුණ තොරතුරු මගින් වාර්තා විය.Sad Gossip Story After Love Failure In Polgahawela (3)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button