පළකල දිනය : Thu, Jul 14th, 2016

අනියම් සැමියා කපා කොටා දෙදරු මව සහ දියණිය මරපු හෑටි

Gossip News Mother and daughter killed in Ratnapuraවේවැල්වත්ත ‍පොලිස් වසමට අයත් එගර්ස් වතුයායේ, මරතෝට්ටම් කොටසේ නිවසක ජීවත්වූ 37 හැවිරිදි දෙදරු මවක් සහ ඇගේ 13 හැවිරිදි දියණිය පෙරේදා දහවල් තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එගර්ස් වතුයායේ, මරතෝට්ටම් කොටසේ වතු ගම්මානයක නිවසක ජීවත් වූ 37 හැවිරිදි ලෙච්චමී ශෂිකලා යන අය සහ ඇගේ වැඩිමහල් දියණිය වන 13 හැවිරිදි සුබේනි සංජීවනී යන දෙදෙනාය.

දැරිය බළන්ගොඩ ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලැබුවාය.ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියාද මීට වසර දෙකකට පමණ ඉහතදී ඝාතනයට ලක්ව ඇතැයි වේවැල්වත්ත ‍පොලිසිය සඳහන් කරයි.

සිය සැමියා මියගිය පසු මෙම කාන්තාව නිවසට ඉහළින් පිහිටි ලයිම් කාමරයක විසූ අවිවාහක 42 හැවිරිදි අයෙකු සමග අනියම් සබඳතාවක් පවත්වා ඇත. ඒ අතරතුරදී එම පුද්ගලයා කාන්තාවගේ 13 හැවිරිදි දියණිය සමගද පෙම් සබඳතාවක් පවත්වාගෙන යාමට උත්සාහ කර ඇතත් මව සහ දියණිය ඊට අකැමැත්ත ප්‍රකාශ කර ඇත. මෙම කාන්තාව අනියම් ඇසුර පැවැත්වූ පුද්ගලයා සමග නිරතුරු ආරවුල් පැවති බව ප්‍රදේශවාසීහු පවසති.

මෙම පුද්ගලයාගෙන් සිය දිය‚යට එල්ල වන බලපෑම් දිනෙන් දින වැඩිවීම නිසා ලෙච්චමී මේ පිළිබඳව අවස්ථා කිහිපයකදීම වේවැල්වත්ත ‍පොලිසියටද පැමිණිලි කර සිටියාය.

මේ හේතුවෙන් දැරියගේ මිත්තණිය දැරිය පාසල නිමවී නිවසට පැමිණි පසු කිලෝ මීටර් දෙකක් පමණ දුරින් පිහිටි ඇගේ නිවසට කැඳවාගෙන ගොස් ඇත. ඇගේ 11 හැවිරිදි බාල සහෝදරයා සිටියේ එම මිත්තණියගේ නිවසේය.

මේ අතරතුරදී ඝාතනයට ලක්වූ කාන්තාවට සැමියා වෙනුවෙන් වතුයායෙන් රුපියල් ලක්ෂ තුනක වන්දි මුදලක්ද ලැබි තිබේ. මෙම මුදලින් ඇය නිවසට රූපවාහිනී යන්ත්‍රයක්ද ගෙනැවිත් ඇත. ඇතැම් දිනවල 13 හැවිරිදි දැරිය මිත්ත‚යගේ නිවසට නොයා රූපවාහිනිය නැරඹීම සඳහා මව සමග නිවසේ සිට ඇත. ඉකුත් 11 වැනිදාද ඇය සිය මව සමග නිවසට වී සිටිය දී ඇගේ බාල සහෝදරයා ද මිත්තණියගේ නිවසට වී සිටියේය.

පෙරේදා සවස 5.00 ට පමණ දැරියගේ මිත්තණිය ඔවුන් සිටි නිවසට ගොස් ඇත්තේ මිනිබිරිය සිය නිවසට කැඳවාගෙන යාම සඳහාය. එම නිවසේ දොර වසා තිබූ බැවින් ඇය ජනේලයකින් නිවස ඇතුලත බලා ඇත්තේ දුව සහ මිනිබිරිය සිටීදැයි දැන ගැනීමටය. සිය දියණිය සහ මිනිබිරිය කපා කොටා ‍ලේ විලක් මැද සිටින අයුරු ඇය දැක ඇත්තේ ඒ අවස්ථාවේදීය. බියෙන් තැතිගත් ඇය කෑ ගසන ශබ්දයට අසල්වාසීන් පැමිණ තිබේ. පසුව මේ පිළිබඳව වේවැල්වත්ත ‍පොලිසියට දැනුම් දී ඇත.

සිද්ධිය පිළිබඳව මිත්තණිය වන සුජීවන් සෙල්ලම්මා මෙසේ කියා සිටියාය.
මේ ඝාතනයට ලක්වෙලා සිටින්නේ මගේ දුව සහ මිනිබිරියයි. දුවගේ මනුස්සයා මීට වසර දෙකකට පමණ ඉහතදී මිය ගියා. දුව පදිංචිවෙලා හිටපු ගෙදරට උඩින් හිටපු කෙනෙක් එක්ක සම්බන්ධතාවක් පැවැත්වූවා. ඒ පුද්ගලයා මිනිබිරිය එක්ක සම්බන්ධතාවක් ඇති කර ගන්නත් උත්සාහ කරා. ඒ නිසා ඒ ගැන වේවැල්වත්ත ‍පොලිසියටත් කිහිප අවස්ථාවකදීම පැමිණිලි කළා. මම ආරක්ෂාවට රාත්‍රි කාලයේදී මිනිබිරිය මගේ නිවසට කැඳවාගෙන ගියා. පහුගිය 11 දා රෑ මිනිබිරිය හිටියේ එයාලගේ ගෙදර. මම 12 දා හවස දුවලගේ ගෙදර ගියේ මිනිබිරියව එක්කරගෙන එන්න. ගෙදර දොර වහලා තිබුණු නිසා මම ගෙදර ජනේලයකින් බැලූ‍වා. බිම මෙට්ටයක දුව සහ මිනිබිරිය කපා කොටා ඝාතනය කරලා තිබුණා. මේ මරණ දෙක සම්බන්ධයෙන් දුව සම්බන්ධතාවක් පැවැත්වූ අය සැක කරනවා.

ඝාතනයට යොදා ගත් බවට සැක කරන වක් පිහිය නිවස පිටුපස තිබි ‍පොලිසිය සොයාගෙන ඇත. දැරියගේ ගෙළ ප්‍රදේශයට පිහි පහරවල් දෙකක් එල්ල කර තිබූ බවත්, ඇගේ මවගේ ගෙලට සහ අත් වලට පිහි පහරවල් එල්ල වී තිබූ බව ‍පොලිසිය සඳහන් කරයි.

මෙම ඝාතනය පෙරේදා අලූ‍යම් කාලයේදී සිදු කරන්නට ඇතැයි ‍පොලිසිය සැක කරයි.

ඝාතනයට ලක්වූ කාන්තාව සමග අනියම් සබඳතාවක් පැවැත්වූ පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු සොයා බළන්ගොඩ, රත්නපුරය සහ වේවැල්වත්ත යන ‍පොලිස් ස්ථානවලින් ‍පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා පුළුල් මෙහෙයුමක් අරඹා ඇත.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button