පළකල දිනය : Sun, Jul 17th, 2016

පෙම්වතියක්‌ වූ කුෂානි සඳරේකා වසර පහකට පසු කියන කතාව

Gossip News Form Kushani Sandarekaආදරණීය කතාවක්‌ හරහා කාලයකට පසුව කුෂානි ක්‍ෂේත්‍රයට ඇවිත්. අවුරුදු පහකට පසුව ක්‍ෂේත්‍රයට පැමිණි කුෂානි සමග අපි පිළිසඳරක යෙදුණා. මේ එහි පෙළගැස්‌මයි.

කුෂානි කාලෙකට පසුව නේද සිනමා නිර්මාණයකට දායක වුණේ?

2012 අවුරුද්දෙන් පසුව තමයි මම සිනමා නිර්මාණයකට දායක වුණේ. ඒ ඉනෝකා සත්‍යාංගනී මහත්මියගේ සින්ෙඩ්‍රල්ලා සහ මේ දිනවල තිරගත වන ආදරණීය කතාවක්‌ චිත්‍රපටය හරහායි. ඒ අනුව නැවත වැඩකරන්න පටන්ගත්තා.

ආදරණීය කතාවක්‌ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?

ගොඩක්‌ හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

අවුරුදු පහක්‌ ක්‍ෂේත්‍රයෙන් ඈත්වෙලා හිටියේ ඇයි ?

ක්‍ෂේත්‍රය ගැන කලකිරීම් නැතිවාම නොමෙයි. දක්‍ෂතාවට තැනක්‌ නැත්තේ ඇයිද කියලා හිතුණ අවස්‌ථා එහෙමත් තිබුණා.

විදෙස්‌ගත වුණා කියලත් ආරංචියි ?

ඔව්. මගේ නංගිත් ඉන්නේ විදෙස්‌ගත වෙලා. ඒ වගේම මගේ පෞද්ගලික කටයුතු කිහිපයක්‌ වෙනුවෙන් තමයි විදෙස්‌ගත වෙලා හිටියේ.

මෙතැන වැඩකරද්දී ඇයි කලකිරීම් ඇතිකරගන්නේ ?

අපි හරි පිපාසයෙන් ඉන්නේ. ඒ වගේම අපි හරි ආසයි වැඩකරන්න. අම්මා තාත්තා ගායක ගායිකාවන් වූ පළියට ක්‍ෂේත්‍රයේ ඉන්න ගොඩක්‌ ලේසියි කියලා සමහරු කියනවා. ඒක තමයි අමාරුම කාර්යය.

අම්මා තාත්තා ගායක ගායිකාවන් වීම කුෂානිට වාසියක්‌ නෙමෙයිද?

වාසියක්‌ ලැබුණා. ඒ සංගීතය පිළිබඳ හොඳ දැක්‌මක්‌ ඇතිකරගන්න ලැබුණු එක දෙමාපියෝ පාර පෙන්නුවාට මම මගේ ගමන ගියේ තනියම. ඒ අතර මට වැරදුණු තැන් තියෙනවා වගේම හරිගිය තැන් ද තියෙනවා.

ඔබේ නිර්මාණයක්‌ හරහා ක්‍ෂේත්‍රයට එන්නද සූදානම?

මාව ගොඩක්‌ දෙනෙක්‌ අඳුරගත්තේ වරංගනා කියන මගේම ස්‌වතන්ත්‍ර නිර්මාණය හරහායි. ඊට පසුව මගේ ගීත කිහිපයක්‌ රසික රසිකාවියන් අතරට ගියා.

අම්මා තාත්තා කරපු තරම් දෙයක්‌ තවම දුවට කරන්න ලැබුණේ නැහැ නේද?

මම ඒ කතාව පිළිගන්නේ නැහැ. පොඩි වයස තුළදී සල්ලි දීලා ගීත ප්‍රචාරය නොකර ඒ වගේම රූප රචනාවන් නැතිව ගීත කරලා මම මිනිස්‌සු අතරට ගියා.

සල්ලි දීලා ගීත හිට්‌ නොකර කුෂානි ජනප්‍රිය වුණා. එහෙමද?

ඔව්. ඇත්තටම දැනටත් මට ආරාධනා ලැබෙන්නේ ඒ හින්දා. රියෑලිටි වැඩසටහනක්‌ හින්දා මගේ නර්තන හැකියාවන් හඳුනාගත්තා. හැබැයි එතැනදී ප්‍රේක්‍ෂකයෝ දුටුවේ මගේ නර්තන හැකියාව විතරයි. ගායන හැකියාව දුටුවේ නැහැ.

ප්‍රසංග වේදිකාවට ආරාධනා ලැබෙනවාද?

ඔව්. ඒත් වසර පහක කාලයක්‌ ක්‍ෂේත්‍රයෙන් ඉවත්වෙලා හිටපු හින්දා කුෂානි මිල අධික ගායිකාවක්‌, කුෂානි වැඩකරන්නේ නැහැ කියලා සමහරු බොරු ප්‍රචාර යවලා තිබුණා. එතකොට මාව පෙනෙන ප්‍රමාණය අඩුයි.

කුෂානිට ක්‍ෂේත්‍රයේ කැපිලි කෙටිලි තිබෙනවාද?

මම දන්නේ නැහැ එහෙම තියෙනවාද කියලා. මේ තත්ත්වය ක්‍ෂේත්‍රයේ හැමෝටම එහෙම වෙන්න ඇති. ඒකට කාටවත් දොස්‌ කියලා වැඩක්‌ නැහැ. අපි කරපු වැඩප්‍රමාණය අඩුයි.

ආපහු දිගටම වැඩකරන්නද සූදානම ?

ඔව්. මට ආරාධනා ගොඩක්‌ ලැබෙනවා. මම කොහොමත් එළිමහත් ප්‍රසංගවලට සහභාගිවෙන්නේ ටිකක්‌ හිතලා මතලා.

ළඟදීම ප්‍රසංගයක්‌ පවත්වන්න සූදානම් වෙනවා නේද?

ඔව්. දෙසැම්බර් 17 වැනිදා කොළඹ මියුසියස්‌ විද්‍යාලයේදී වෙනස්‌ම විදිහේ ප්‍රසංගයක්‌ පවත්වන්න සූදානම් වෙනවා. ඒ සඳහා දක්‍ෂ ගායන ශිල්පීන් දෙදෙනෙකුත් සහභාගි වෙනවා.

අවුරුදු පහකට පසුව ක්‍ෂේත්‍රයට ආවට පස්‌සේ මොකද හිතෙන්නේ ?

අපරාධයක්‌ තමයි. මගේ වෘත්තිය පැත්තෙන් පොඩි මන්දගාමී ස්‌වභාවයක්‌ ඇතිවුණා. ඒ කාලය තුළදී මම අලුත් දේවල් අත්හදා බැලුවා. අලුත් ගීතයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

කුෂානිගේ ආදරණීය කතාව කවදාද අපිට කියන්නේ ?

මට ආදරය කරන බොහෝ පිරිසක්‌ ඉන්නවා. ඒ වගේම මට ගොඩක්‌ ආදරය කරන කෙනෙකුත් ඉන්නවා.

කුෂානි දැන් පෙම්වතියක්‌ ?

මට ආදරය කියන දේ අවශ්‍යයි. ඒ වාසනාව මට තියෙනවා. මම දැන් පෙම්වතියක්‌.

ළඟදීම විවාහ වෙනවා කියන්නේ ඇත්තද?

ඒවා අහන්න එපා.

ඉදිරි සංගීත වැඩකටයුතු එහෙම කොහොමද?

මේ දිනවල දෙසැම්බර් මාසයේ පැවැත්වෙන ප්‍රසංගය වෙනුවෙන් සූදානම් වෙනවා. ජාත්‍යන්තර මට්‌ටමේ ප්‍රසංගයක්‌ පවත්වන්න තමයි සූදානම් වෙන්නේ. ගොඩක්‌ දෙනෙක්‌ මට නෝක්‌කාඩු කිව්වා.

ඒ මොකකටද?

දිගටම ක්‍ෂේත්‍රයේ වැඩකරන්නේ නැහැ කියලා. ප්‍රසංගයක්‌ පවත්වන්නේ නැත්තේ ඇයි කියලත් සමහරු ඇහැව්වා. ඒ හින්දා තමයි ප්‍රසංගයක්‌ පවත්වන්න සූදානම් වෙන්නේ.

දිනේෂ් විතාන

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button