පළකල දිනය : Fri, Jul 22nd, 2016

ජනප්‍රිය පාසල්වල ‘මිස්‌ අම්මලා’ ක්‍රමය නෑගලම යනවලු

Gossip Story about popular sri lankan schoolඅද වන විට සමහර ජනප්‍රිය පාසල් වල ‘මිස්‌ අම්මලා’ ක්‍රමය ඉතා සීඝ්‍රයෙන් ක්‍රියාත්මක වෙනවා. පන්ති භාර ගුරුවරයා වරුවකින් නිවාඩු යනවා නම් අම්මා කෙනෙක්‌ සාරියක්‌ ඇඳන් ‘මිස්‌’ කෙනෙක්‌ වෙලා ඇවිත් පන්තියේ වැඩ කරනවා. පන්ති භාර ගුරුතුමිය දින ගණනක්‌ නිවාඩු නම් අර ‘මිස්‌ අම්මා’ තමයි පන්තිය කරගෙන යන්නේ.

සාරියක්‌ ඇඳගත්ත පමණින් ගුරුවරියක්‌ වෙන්න බැහැ. ගුරුවරුන් අතරිනුත් හොඳ ගුරුවරයෙක්‌ හෝ ගුරුවරියක්‌ වීමට වාසනාව ලැබෙන්නේ සුළු පිරිසකට පමණයි. ප්‍රාථමික පන්තිවල පැතිර යන ‘මිස්‌ අම්මලා’ ක්‍රමය නතර කළ යුතු යෑයි හම්බන්තොට සහකාර කලාප අධ්‍යක්‍ෂ හා හිටපු කොට්‌ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂ කිත්සිරි වේහැල්ල මහතා සඳහන් කළේය.

ඒ මහතා එසේ සඳහන් කළේ තිස්‌සමහාරාම හා/ කාවන්තිස්‌සපුර මහා විද්‍යාලයේ පැවැති ගුරු සංවර්ධන වැඩසටහනකට සහභාගි වෙමිනි.

ගුරුවරුන් අතරින් සැබෑ ගුරුවරයකු වීම ඉතා සරල කටයුත්තක්‌ නොවෙයි. එය පාරමිතා පුරාගෙන පැමිණි ගමනක්‌ විය යුතුයි. සියලු යහපත් ගුණාංගයන්ගෙන් පිරිපුන් සැබෑ මානව දයාවෙන් යුත් ගුරුවරයකු වීම තරම් මෙලොව දී අත්විඳින තවත් වාසනාවක්‌ නැති තරම්. තමන්ගේ ටියුෂන් පන්තියට නොපැමිණෙන දරුවාගේ පොත පාසල් පන්ති කාමරයේදී විසිකර දමන තත්ත්වයේ කෲරත්වයකට අද සමහර ගුරුවරු පත්ව පැවතීම කනගාටුදායක කරුණක්‌. ගුරුවරයා යනු ප්‍රදීපයක්‌. එයින් නික්‌මෙන ප්‍රඥාවේ ආලෝකය සම ලෙස සියලු දරුවන්ට ලබා දිය යුතු වෙනවා.

අලුත් පරපුරේ සමහර ගුරුවරියන් දැක්‌කම අපිට මතක්‌ වෙන්නේ වේල් කරත්තයයි. ඒ තරමට විචිත්‍ර වෙලා. හැඩවෙලා, කෘත්‍රිම වෙලා මේ ගුරුවරියන් දකින කොට ප්‍රාර්ථනා කරන්න හිතෙන්නේ සුවඳ විලවන් විසිවෙලා මැරෙන ප්‍රමාණය තවත් වැඩිවෙන්න කියලා.

අද පාසල්වල පවතින අභියෝගයන් ජය ගැනීමට නම් වෘත්තීය කුසලතාවන්ගෙන් පරිපූර්ණ ගුරුවරු සිටිය යුතුයි. ඒ පරිපූර්ණත්වය නැත්නම් එම ගුරුවරයා තමන්ටත් නොදැනීම ගුරු භූමිකාවෙන් ගිලිහී යනවා. ගුරුවරයෙකු ලෙසින් යම් මෙහෙවරක්‌ සතුටින් නොකරන්නේ නම් දෙළොවක්‌ අතර සිඟාකෑම සුදුසු යෑයි ජනප්‍රිය කියමනක්‌ තියෙනවා.

වර්තමානයේ ගුරුවරුන් විෂය බාහිර කටයුතුවලට යොමුවන ප්‍රමාණය ඉතා අවම මට්‌ටමක පැවැතීම ඉතා ෙ€දජනක තත්ත්වයක්‌. ක්‍රීඩා උත්සවයක්‌, අධ්‍යාපන චාරිකාවක්‌, එහෙමත් නැත්නම් කඳවුරක්‌ සංවිධානය කරන්න ගියාම ඒ සඳහා තම දායකත්වය ලබා දෙන්නේ ඉතා අඩු ගුරු පිරිසක්‌.

ගුරුවරුන්ට තිබෙන සාහිත්‍ය දැනුම හා රසය පමණක්‌ නොවෙයි සැබෑ වින්දනීය බව පිළිබඳවත් ගුරුවරු විදිහට අපි අපෙන්ම ප්‍රශ්න කළ යුතු වෙනවා. නිර්මාණ ශක්‌තිය බොහෝ විට ගුරු ජීවිතයෙන් ඈත් වී පවතින්නේ. මෙය දරු පරපුරට ද බලපෑම අපේ අවධානයට ගත යුතුයි. පසුගිය වසරේ ශිෂ්‍යත්ව විභාගයේ රචනාවට සියයට හැත්තෑ එකක ප්‍රතිශතයක්‌ ලබාගෙන තිබුණේ ලකුණු බිංදුවයි. ඒකෙන්ම අද පේනවා දරුවාගේ නිර්මාණ ශක්‌තියත් කොතනද තියෙන්නේ කියලා යෑයි ද කිත්සිරි වේහැල්ල මහතා සඳහන් කළේය.

මෙම අවස්‌ථාවට විදුහල්පති ඩබ්. ඒ. නන්දසිරි මහතා සහ නියෝජ්‍ය විදුහල්පති ශාස්‌ත්‍රවේදී පූජ්‍ය කුඩාපාන ගුණානන්ද හිමියන් ඇතුළු ගුරු පිරිසක්‌ ද සහභාගි විය.

වීරවිල – එල්. එච්. කුසුම් ප්‍රියන්ත

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button