පළකල දිනය : Mon, Jul 25th, 2016

මඩකලපුවේ එකම පවුලේ තිදෙනකු ඝාතනය කරපු තිරිසනා මාට්ටු

Triple murder in Batticaloaමඩකලපුව, වෙල්ලාවලි, කාකච්චිවට්‌ට ප්‍රදේශයේදී එකම පවුලේ මව, ඇගේ පියා සහ අවුරුදු එකහමාරක්‌ වයසැති සිඟිති දියණිය තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි වෙල්ලාවලි පොලිසිය පවසයි.

ඊයේ අලූ‍යම 1.00 ට පමණ සිදුවී ඇති මෙම සිද්ධියේ දී ඝාතනයට ලක්‌වී ඇත්තේ පේරින්බන් විජිතා (24), ඇගේ පියා වන කන්දයියා පේරින්බන් (56) සහ වයස අවුරුදු 01යි මාස 6ක් වූ ඇගේ දියණිය වන ප්‍රශාන්තන් ශස්‌මිකා යන තිදෙනායි.

පවුලේ ආරවුලක්‌ හේතුවෙන් ඝාතනයට ලක්‌වූ කාන්තාවගේ සැමියා විසින් මෙම ඝාතන සිදුකර ඇතැයි මූලික පොලිස්‌ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරු දැනට වසරක පමණ කාලයක සිට පවුලෙන් වෙන්වී වෙනම ජීවත්වන බවද ඝාතනයට ලක්‌වූ කාන්තාව විසින් සැකකරුට එරෙහිව අධිකරණයේ නඩුවක්‌ පවරා ඇතැයිද පොලිසිය පවසයි.

සැකකරු කලක්‌ විදේශගතව සිට ඇති අතර පසුව යළි වෙල්ලාවලි ගමට පැමිණ ඝාතනයට ලක්‌වූ සිය බිරිඳ සමග කතා බහ කර ඇතැයි ද පැවැසේ.

එහෙත් සැකකරු සිය බිරිඳ සමග වෛරයෙන් සිට ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.

කාන්තාවගේ හා ඇගේ දියණියගේ සිරුරු නිවස අසල ළිඳක තිබියදීත් කාන්තාවගේ පියාගේ සිරුර නිවස අසල තිබියදීත් සොයාගෙන ඇත.

සිදිධිය සම්බන්ධයෙන් ස්වාමියා අත්අඩංගුවට ‍ගෙන ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතව ඇති අතර සිද්ධිය පිළිබඳව වෙල්ලාවලී පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button