පළකල දිනය : Tue, Jul 26th, 2016

අම්බලන්ගොඩ දී දුම්රියට බිළිවුන සිසුවියගේ පෙම්වතා අභිරහස් අයුරින් මියගිහින්

Ambalangoda School Girl train accidentතරුණියක් දුම්රියේ ගැටී මියගියාට පස්සේ ඇයව තල්ලු කළා ද ? සියදිවි නසා ගත්තා ද ? කියලා ලොකු සැකයක් තිබුණා.

ඒ සැකයට ප්‍රධාන වශයෙන් හේතු වුනේ සිද්ධිය වුනු අවස්ථාවේ ඇය ළග සිටි බව කියන ඇගේ පෙම්වතා හැරයාමයි.

පෙම්වතා පැන යන අයුරුත්, තරුණිය දුම්රියේ ගැටෙන ඇයුරුත් ඒ ළග ගෙදරක තිබුණු CCTV කැමරාවක අපහැදිලිව සටහන් වී තිබුණා.

කොහොමවුනත් මේ සිද්ධියෙන් පස්සේ ඒ අදාළ තරුණියගේ පෙම්වතා නිවසින් අතුරුදන්වෙලා හිටියේ.

ඒ අභිරහස විසදුනේ ඊයේ (25) රෑ.

එසේ පැන ගිය තරුණයාගේ මළසිරුර ප්‍රදේශයෙ ළිදක තිබී ඊයේ (25) සොයාගත්තා.

වයස අවුරුදු 18ක් වන හෙට්ටිගේ සංකල්ප ප්‍රභාත් මදුරංග කියන මේ තරුණයා පදිංචිවෙලා ඉන්නේ ගාල්ල බටපොළ පැත්තේ.

ඊයේ (25) හවස 7ට විතර තමයි ප්‍රදේශවාසින් දැඩි දුගදක් ඒමත් එක්ක එයාලා හොයලා බලද්දි තමයි ලිදේ පාවෙන මේ මළසිරුර දැකලා තියෙන්නේ.

ඊට පස්සේ ඒ ගැන මීටියාගොඩ පොලීසියට දැනුම්දීලා.

පසුව මීටියාගොඩ පොලීසිය බලපිටිය මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනවිය මීටියාගොඩ පොලීසිය විසින් කැදෙව්වා.

එතුමිය ඉදිරිපිට දී තරුණයාගේ මළසිරුර එයාගේ දෙමව්පියන් විසින් හදුනාගත්තා.

පාසල් සිසුවිය දුම්රියට තල්ලු කළා යැයි කියන (CCTV) වීඩියෝව

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button