පළකල දිනය : Wed, Jul 27th, 2016

තමන්ගේම නැගණිය දුෂණය කළ සොහොයුරන් මාට්ටු වුන විදිය

sad stories about young girl in galleමිනිස් වෙස් ගත් තිරිසන් වැඩ කරන මිනිසුන් අප අතරින් ඉන්නවා කියන එකට ඕනෑ තරම් ලෝකේ නිදසුන් විදිහට තියෙනවා.ඒත් තමන්ගේ එක කුස උපන් සහෝදරියටම තිරිසන් වැඩක් කරන්න පුළුවන් මොන හිතකින්ද ?

ඒත් එහෙම කරපු අයියලා දෙන්නෙකුත් මේ රටේ ඉන්නවා.හබරාදූව පිලාන වංචාවල පදිංචි මීපේ ගමගේ වාසනා සදරේණු නම් දැනට වයස 17 පසුවන මේ තරුණියට 2013 වගේම 2014 අවුරුද්දේ තමන්ගේම අයියලා දෙන්නා විටන් විට අපයෝජනය කරලා තියෙනවා.

මේ ගැන (25දා) ඒ තරුණිය හබරාදූව පොලීසියට පැමිණිලි කරලා තියෙන්නේ.එ් අනුව ක්‍රීයාත්මක වුනු හබරාදුව පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් මෙම සැකකරැවන් දෙන්නව අත්අඩංගුවට ගත්තා.

මේ තරුණයන් දෙන්නා වයස අවුරුදු 21 සහ 26 පසුවන අයයි.සැකකරැවන් ඊයේ ගාල්ල අධිකරණයට ඉදිරිපත් කළාට පස්සේ මහේස්ත්‍රාත්වරයා එයාලව ලබන මාසේ 10 වැනිදා වෙනකන් රිමාන්ඩ් කළා.

තරුණියව වෛද්‍ය පරීක්ෂණයටත් ඊට පස්සෙ පරීවාස භාරයටත් පත්කළා.දෙමාපියන් කුලී වැඩට ගිය අවස්ථාවේ පළමුව වැඩිමහල් අයියාත් දෙවනුව බාල අයියාත් මේ තරැණියව කෙළසලා තියෙනවා.මේ සිද්ධියට මුහුණ දෙන කොට මේ තරුණියගේ වයස අවුරුදු 14යි.

දහසය හැවිරිදි නැගණියගේ පෙම්වතා විසින් සිය දුරකතනයෙන් පටිගත කරන ලද ඇගේ හඬ පටයක් පොලිසියට ලබා දීම නිසා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව හබරාදූව පොලිසියේ ප්‍රකාශකයෙක් වෙත සඳහන් කළා.

තම සොහොයුරන් කලක සිට තමන්ට අතවර කරන බව මෙම සිසුවිය සිය පෙම්වතාට දැනුම් දී ඇති අතර එම අවස්ථාවේ ඔහු එය සිය දුරකතනයෙන් පටිගත කර තිබෙනවා.

පසුව ඔහු පෙම්වතියව හැරගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

හැර ගිය පෙම්වතාව සොයා දෙන ලෙස සිසුවිය පොලිසියට කළ දැනුම් දීමකට අනුව පැමිණ ඇති පෙම්වතා මෙම හඬපටය පොලිසියට ලබා දී තිබෙනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button